ඉමියුනෝග්ලොබියුලින් ප්‍රශ්නය තාම විසඳී නෑ – රවී කුමුදේශ්

Date:

වෛද්‍ය සැපයුම් අංශයේ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල ගබඩාව තවමත් වසා ඇති බවත්, අධි සංවේදී ඖෂධද අතරමග බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර සිටී.

ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල සැපයුම්භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා මාසයකට වැඩියි. තවම ගබඩා අංක හයට අදාල සැපයුම් භාර ගැනීමට නිලධාරියෙකු පත් කර නැහැ.

එම ගබඩාවට අදාල ඉමියුනෝග්ලොබියුලින්, ප්‍රති සර්ප විශ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය වටේ යනවා. අනිවාර්‍ය ශීත දාම තුල කළමනාකරණය කලයුතු එවන් ඖෂධ එලෙස එහේ මෙහේ රස්තියාදු කරවීම ඖෂධයේ ගුණාතමක බවටත්, කාර්යක්ෂමතාවයටත් හානි කරයි. වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙක් පත් කලාට වෙනසක් නෑ. කඩිනමින් විසඳුම් අවශ්‍යයි.

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක ප්‍රමාණයක් නැහැ. තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණයි.

ඒ අනූව අපිට ජනවාරිය පටන් ගන්න වෙන්නෙම ඖෂධ තුන්සියයක පමණ හිඟයක් එක්ක. ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නැහැ. මොකක්ද්ද මේ හිඟය නැති කරන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සැලැස්ම. කවදා වෙනකොටද හිඟ ඖෂධ ටික රෝගීන් වෙණුවෙන් ලබා දෙන්නේ. පුටු රත් කරන්න නිලධාරීන් පත් කරන්නේ නැතුව වහාම ඔවුනගේ වැඩ සැලැස්මක් ලබා ගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා. ඒ වැඩ පිළිවෙල රටට ඉදිරිපත් කරන්න. සෞඛ්‍ය සේවාව ගොඩ ගැනීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙලක් එක්ක වැඩකරන නිලධාරීන් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ව පාලනය කරන එක රජයේ වගකීමක්

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...