ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි!

Date:

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඇතුළු නව විදුලි බල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එම පනත් කෙටුම්පත් සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වූ අතර ඒ අනුව එම නව කෙටුම්පත හරහා ජාතික විදුලිබල උපදේශන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇත.

ඒ සඳහා සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත් කර ඇත.

නව පනත් කෙටුම්පත් හරහා විදුලි බලය උත්පාදනය,සම්ප්‍රේෂණය,වෙළෙදාම මෙන්ම ප්‍රසම්පාදන කටයුතු ආදියද ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව මෙම කටයුත්ත සිදුකෙරෙන අතර පසුගිය කාලය පුරාම විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු මෙම ක්ෂේත්‍රයට අදාළ දෙස් විදෙස් නියෝජිතයින් අතර සාකච්ජා වට ගණනාවක් පැවැත්වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...