ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි!

Date:

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඇතුළු නව විදුලි බල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එම පනත් කෙටුම්පත් සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වූ අතර ඒ අනුව එම නව කෙටුම්පත හරහා ජාතික විදුලිබල උපදේශන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇත.

ඒ සඳහා සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත් කර ඇත.

නව පනත් කෙටුම්පත් හරහා විදුලි බලය උත්පාදනය,සම්ප්‍රේෂණය,වෙළෙදාම මෙන්ම ප්‍රසම්පාදන කටයුතු ආදියද ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව මෙම කටයුත්ත සිදුකෙරෙන අතර පසුගිය කාලය පුරාම විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු මෙම ක්ෂේත්‍රයට අදාළ දෙස් විදෙස් නියෝජිතයින් අතර සාකච්ජා වට ගණනාවක් පැවැත්වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...