අද හවස 04.00 සිට තැපෑල පැය 48ක් ලෙඩ වෙයි!

Date:

කොළඹ LNW:ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් අද (10) පස්වරු 04.00 48 ක කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති 27ක් එක්ව සිටියි.

මෙම වැඩවර්ජන කාල සීමාව තුළ දිවයිනේ පිහිටි කිසිදු තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් කිසිදු සේවාවක් ඉටු නොවේ.

නුවරඑළිය,මහනුවර ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ දේපළ විකිනිමටවිරෝධය පළකිරීම,පරිපාලන ගැටළු විසඳීමට බල කිරීම,රාජ්‍ය සේවකයින් අපේක්ෂා කරන රු.20,000ක වැටුප් වැඩිකිරීම ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන ලෙස බලකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙනයි මෙම වැඩවර්ජනයට කැඳවා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...