අද හවස 04.00 සිට තැපෑල පැය 48ක් ලෙඩ වෙයි!

Date:

කොළඹ LNW:ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් අද (10) පස්වරු 04.00 48 ක කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති 27ක් එක්ව සිටියි.

මෙම වැඩවර්ජන කාල සීමාව තුළ දිවයිනේ පිහිටි කිසිදු තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් කිසිදු සේවාවක් ඉටු නොවේ.

නුවරඑළිය,මහනුවර ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ දේපළ විකිනිමටවිරෝධය පළකිරීම,පරිපාලන ගැටළු විසඳීමට බල කිරීම,රාජ්‍ය සේවකයින් අපේක්ෂා කරන රු.20,000ක වැටුප් වැඩිකිරීම ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන ලෙස බලකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙනයි මෙම වැඩවර්ජනයට කැඳවා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...