ලෝකය ලොකුයි කියා ඔප්පු කිරීම විරේන්,බුවනෙක,රනිත්මා සහ හිම්සරණි අවසාන තරගවලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW)
: ශ්‍රී ලංකා බැඩිමින්ටන් උප සභාපතිවරයෙක් මෙවර ජාතික බැඩිමින්ටන් තරගාවලිය සම්බන්ධයෙන් පැවසුවේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින දෙදෙනා විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ බවයි.ඒ සඳහා ඔවුන් විදේශ තරගයන්හී දැක් වූ දක්ෂතාද සැළකිල්ලට ගත් බව ඔහු පැවසීය.මෙය බොහෝ කාලයක සිට සිඳුවිය යුතු බව අප විශ්වාස කළ ඇත්තක් විය.ලංකාවෙන් ලෝකයට යන හොඳම ක්‍රීඩකයා සහ එම හැකියාව නැතිව ලංකාව ඇතුළත පවත්වන තරග වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන දෙදෙනා අතරින් ශ්‍රී ලංකාවට වඩා වටින ක්‍රීඩකයා තෝරා ඔහු ශ්‍රී ලංකාවේ අංක 1 විය යුතුය යන අපේ තර්කය විය.

ඒ නිසා අප විරේන් සහ රනිත්මා එක වීම හොද ප්‍රවේශයක් ලෙස දුටුවත් අවසානයේ සම්ප්‍රදාය ජය ගෙන විරෙන් තරග සැළසුම්වල අංක 7 ට ශ්‍රේණිගතව සිටිනු දකින්නට ලැබිණ.එසේම බුවනෙක ගුණතිලකටත් අංක 1 හෝ 2 හිමි නොවිණි.ඔහු අංක 4 ය.ශාස්ත්‍රීය ශේණිගත කිරීම් කරන්නට මෙවලම් යොදා ගන්නා බැඩ්මින්ටන් ප්‍රාඥයන් තරමට අප මේ ගැන අටුවා ටික්කනී නොදත්තේ වුව,අපේ භාවිත සරල දැණුමට අනුව ඔවුන් දෙදෙනා ලංකාවේ හොදම ක්‍රීඩනයින් දෙදෙනා යන්න අපි විශ්වාස කරන්නෙමු.අවසානයේ දී ශාස්ත්‍රීය දැණුම දෙවන කොට අපේ සරල දැණුමට අනුව මෙවර අවසාන තරගයට අද පෙරවරු 10.30 ට බුවනෙක සහ විරේන් නෙත්තසිංහ තරග වැදීමට නියමිතය.

රනිත්මා ද අංක එක නොවිණි.අංක එක වූයේ වරංගනා හිම්සරණි ජයවර්ධනය.රනිත්මා අංක දෙකය.හිමිසරණී ශ්‍රේණිගත කිරීම් න්‍යායාචාර්යවරුන්ව බේරමින් කාන්තා අංශයෙන් අවසාන තරගයට පිවිස ඇත.ඒ අංක 2 රනිත්මා සමඟය.ඒ තරගය පස්වරු 3.00 ට ය.මේ අවසාන තරග දෙකම උණුසුම් මුහුණුවරක් ගනු ඇත.එහි සැකයක් නොමැත.නමුත් මෙහිදී ශ්‍රේණිගත කිරිම් යම් අභියෝගයකට ලක් වී තිබීම ශ්‍රී ලංකා බැඩිමින්ටන් විසින් අවබෝධ කරගත යුතුව ඇත.

ජාත්‍යන්තර තරග සදහා පිවිසෙන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටන් හරහා අවස්ථාව හිමි වේනම් සහ එම අවස්ථාව හිමිවන්නේ දක්ෂතාවල ඉහළම මට්ටම සළකා නම් එම ක්‍රීඩකයා හෝ ක්‍රිඩිකාව ජාත්‍යන්තර පිටියේ තරගකාරීත්වය මත පළමු තරගයෙන් පරාජය වුව ද,ඔහුට හෝ ඇයට එහ සහභාගීත්වය සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් යම් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ජාතික ශ්‍රේණගත කිරීම්වලදී දිය යුතුව ඇත.ඔවුන් ජාත්‍යන්තරයට පිවිසීම සිඳුවන්නේ ද ශ්‍රී ලංකා බැඩිමින්ටන් නියෝජනය කරමින් ඊට සුදුසුකම් සපුරා නිසා එහිදී කිසිවිටෙක ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අභියෝගයට ලක්වන්නේ නැත.නමුත් ලෝකයේ 79 වන තැන සිටින ක්‍රීඩකයෙක් ලංකාවේ 7 වන තැනට ශ්‍රේණිගතව සිටින විට යම් ආකාරයකින් හාස්‍යයක්නම් දැනෙන්නේය.

ඡායාරූපයේ සිටින්නේ මෙවර ජාතික සූරතාවලියේ පිරිමි අවසාන තරගයේදි එකිනෙකාට විරුද්ධව සූරතාවය සහ තරග වදින සහ පිරමි යුගල තරගයේදී එක්ව සූරතාවය සඳහා තරග වදින විරේන් සහ බුවනෙකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...