ආදීවාසී ජනතාවගේ  ගැටළු විසදීමට පියවර !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළු සදහා ස්ථිර විසදුම් ලබාදීමේ අරමුණින්  වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත . එම කමිටුව විසින් ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව අදාළ පාර්ශව සමග සාකච්ඡා කර වාර්තාවක් සකස් කර ඇත.

එම වාර්තාවේ නිර්දේශ හා යෝජනා පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(11) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, වනජිවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය, මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කෙරිණි.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන් ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

වාර්තාව සකස් කිරීම සදහා ආයතන 15 ක් සමග සාකච්ඡා කළ බවත්, ආදිවාසී ජනතාව සුවිශේෂි ජන කොට්ඨාශයක්, මෙම ප්‍රජාව පිළිබදව නිසි දත්ත පද්ධතියක් නොමැති බව, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන ආදිවාසී ජනතාව පිළිබදව පවත්වන වැඩ සටහන් ඒකාබද්ධව පැවැත්වීම, ආදිවාසී ජනතාව සම්බන්ධව නිසි දත්ත පද්ධතියක් නොමැති බව, ඔවුන්ගේ ජීවනෝපායන් වන කෘෂි කර්මය, කිරි ගව පාලනය, ධීවර , වනාන්නතරය ආශ්‍රිත රැකියා වන බවත්, විශේෂයෙන් ආදිවාසී ජනතාව පිළිබදව පවතින අවබෝධතා ගිවිසුම යාවත් කාලීන කිරීම ඇතුළු ගැටළු රැසක් හදුනාගත් බවත්, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්.හේරත් මහත්මිය විසින් කමිටුව විසින් සකස් කළ වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් දැනුවත් කරමින් සදහන් කළාය.

මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.

මෙරට ආදිවාසී ජනතාවගේ ගැටළු සදහා තාවකාලික විසදුම් ලබාදීම ලබාදීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ස්ථිර විසදුම් ලබා දිය යුතුයි. ඒ අනුව ආදිවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීමට නව පනත් කෙටුම්පතක් සකස් කළ යුතු වෙනවා. ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඒ තුළින් කටයුතු කළ හැකියි. අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව තවදුරටත් සාකච්ඡා කළ හැකියි. ඒත් සමග ආදිවාසී ජනතාව කරනු ලබන ධීවර, කෘෂි කර්මාන්ත, වන ජීවි ඇතුළු ජීවනෝපාය කටයුතු සදහා අවශ්‍ය නිර්දේශ සකස් කළ යුතුයි. අදාළ පනත තුළින් ආදිවාසී ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට සම්බන්ධ ආයතන සම්බන්ධිකරණය වන පරිදි නීතිමය වශයෙන් බලය සහිත විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කළ යුතුයි. කමිටුව නියෝජනය කරනු ලබන නිලධාරීන් නිල බලයෙන් පත්වන ආකාරයට නිති සකස් කළ යුතුයි”  ලෙස  අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

අදාළ පනත් කෙටුම්පත හා ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන පරිදි සකස් කරන රෙගුලාසි මාසයක් තුළ සකස් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙරට ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව වසර ගනණාවක සිට පවතින බවත්, හිටපු ජනාධිපතිවරුන් ඇතුළු බලධාරීන් අවස්ථා කිහිපයකදී අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් කටයුතු කළ බවත්, තම ප්‍රජාවට පවතින ගැටළු සදහා ස්ථිර විසදුමක් මෙවර ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මෙහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්.හේරත්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර, යන මහත්ම මහත්මීන්, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...