ලක්ෂ 15 ක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පාර්ලිමේන්තුව අතේ: සමරිසි අයිතිය ගැන අහන්න දොළවත්තට කැඳවීමක්!

Date:

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් සුරක්ෂිතවන පරිදි, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවලට අදාළව සංශෝධනයන් / ඉවත් කිරීම් ඇතුළත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අදාළව කරුණු විමසීම සඳහා එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් එම කැඳවීම දොළවත්ත මන්ත්‍රීවරයාට සිදුකර ඇත.

ඉකුත් නොවැම්බර් 20වන දින, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව විසින් ඉහත කී පෞද්ගලික මන්ත්‍ර්‍රී යෝජනාව රැගත් දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡාවට බඳුන්කළ බවත්, මීළඟ කමිටු රැස්වීමේදී ඒ් පිළිබඳව දොළවත්ත මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීමට ද එම කමිටුව අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයා එම ලිපිය ඔස්සේ දැනුම් දී ඇත.

ඒ අනුව, එළඹෙන දෙසැම්බර් 12 වන දින කැඳවනු ලබන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවේ දී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් කුලරත්න මහතා දොළවත්ත මන්ත්‍රීවරයා වෙත දැනුම් දී ඇත.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දොළවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද, දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත ඔස්සේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට නීතියෙන් වෙනස්කොට සැලකීම් සිදුකරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ යන වගන්ති පහත පරිදි සංශෝධනය කිරීම යෝජනා කර ඇත.

ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ “යම් පුරුෂයකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.”

ප්‍රධාන ප්‍රඥප්තිය 365අ වගන්තියේ “ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ,” යන වචන වලට පසුව “පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම්;

අ). ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව:

ආ). අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ). ඒ අනෙක් තැනැත්තා නීත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරණ බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව:

ඈ). අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුවූ අතර, එම පෙත්සම අභියෝගයට ලක්කරමින් අතුරු පෙත්සම් ඉදිරිපත් කිරීමට ප්‍රජා ක්‍රියාකාරීන් ඇතුළු මානව හිමිකම් අධිවාචනයේ නියැලී සිටින පාර්ශවයන් රැසක් කටයුතුකළ අතර, එකී නඩු විභාගය හමුවේ අතිවිශිෂ්ට තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේ වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, ඒ අනුව, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඔස්සේ සම්මත කොට නීතියක් බවට ව්‍යවස්ථාපිතකළ හැකි බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...