ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි

Date:

රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ රටවල් අතර සිංගප්පූරුව සහ දකුණු කොරියාවද එක්ව තිබෙනවා. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් අද එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර තිබෙන්නේ යුක්රේන ජනතාවට එරෙහිව භාවිතා කිරීම සඳහා යුද උපකරණ රුසියානුවන් අතට පත් නොවීම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා සඳහා යළිත් එකඟතාවයකට පැමිණ ඇති අතර අද දිනයේදී දෙපාර්ශ්වය බෙලරුසියානු දේශසීමාවේදී හමුවීමට නියමිතය.

මේ වනවිට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්රේන සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා. ළමුන් 14 දෙනෙකුද ඒ අතර සිටින බවයි යුක්රේන වාර්තා පවසන්නේ. යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියානු සෙබළුන් 4300 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව ඇති අතර ගුවන් යානා සහ යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...