බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පියතිස්ස නාහිමිට බෝගොල්ලාගම අතින් අක්තපත්‍ර

Date:

අශෝක ජයතුංග (වොෂිංටන් ඩී.සී.)

වොෂිංටන් ඩී.සී., එක්සත් ජනපදය (LNW): බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පිදිවිල්ලේ පියතිස්ස නාහිමිට අක්තපත්‍ර පිරිනැමීම පසුගියදා එරට මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා අතින් මැන්චෙස්ටර්හි දී සිදු කෙරිණ.

පියතිස්ස නාහිමි දශක කිහිපයක් පුරා බ්‍රිතාන්‍යයේ ආගමික සමාජ සේවා ඉටුකල හා ශ්‍රී ලංකාවට එරට සහාය ලබාගැනීමේදී උපරිම මැදිහත්වීමක් සිදුකල හිමි නමකි. 1999 දී මැන්චෙස්ටර් කේතුමතී හා 2017 දී ලීඩ්ස් මෙන්ම තලාවල සුමනාරාම විහාර ස්ථාපිත කිරීමට ද මුලික වී තිබේ.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි මැන්චෙස්ටර් නගරාධිපතිනිය යස්මින් ආර් මහත්මිය හා එරට වෙසෙන ලාංකිකයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් රැසක් එක්වූහ.

එහි දී ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය මහකොමසාරිස් බෝගොල්ලාගම මහතා විසින් පිරිනැමිණ.

තව ද පියතිස්ස නාහිමි විසින් මැන්චෙස්ටර් ප්‍රමුඛ බ්‍රිතාන්‍යයට හා ආසියාව අප්‍රිකාව හා යුරෝපය තුළ කළ සේවාව ද ඉහළින් අගය කෙරිණ.

ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා මැන්චෙස්ටර් නගර සභාව අතර අන්‍යන්‍යය අවබෝධයෙන් සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව ද මහකොමසාරිස් බෝගොල්ලාගම මහතා පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...