ආණ්ඩුවට පැන්න වඩිවේල් සුරේෂ්ට තවත් තනතුරක් !

Date:

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන්, එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

මීට පෙර, පසුගිය සතියේදී උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස ද වඩිවේල් සුරේෂ් මහතාව පත් කෙරිණි.

වඩිවේල් සුරේෂ් මහතා 2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරගකර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මෙවර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් ඔහුව සජබ පස්සර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ද එම පක්ෂය කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...