ඇමති කංචනගෙන් අනුරට අභියෝගයක් (VIDEO)

Date:

ගල් අඟුරු හෝ ඉන්ධන ආනයනයේදී කොමිස් ලබාගෙන ඇතැයි තමන්ට චෝදනා කරන්නේ නම් එය ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“ගල් අඟුරු වලින් ඉන්ධන වලින් කොමිස් ලබාගන්නවා කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා කරනවා. එතුමාට අපේ අමාත්‍යාංශයේ වාර්තා හැම එකක්ම පරික්ෂා කරන්න පුළුවන්. ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කටයුතු වලට යන්න පුළුවන්. වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත් එනවා. එතකොට එතුමාගේ දැනුම බලාගන්න පුළුවන්. එතුමා හැමදාම ෆයිල් තියෙනවා කියනවා, නමුත් නඩු දාපු එකම ෆයිල් එකක්වත් නැහැ. ඉන්ධන ආනයනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ මම. මට ඒ ගැන කවුරුවත් බලපෑම් කරන්නේ නැහැ. වංචාවක් වෙලා තියෙනවා නම් ඕනම අධිකරණයකට යන්න පුළුවන්”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...