ඉන්දීය ජාතික ගුවන් මගියකු ගුවනේදී මෙරට දැරියකට කළ අපරාධය

Date:


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දීය ජාතික ගුවන් මගියකු විසින්   ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව වාර්තා වේ. ඒ සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් දැරියක් බවට තොරතුරු සඳහන් වේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන  කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත.

අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව තොරතුරු වාර්තා වේ.

සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සඳහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිට තිබුණි.

ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරියව මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර, ඒ පිළිබඳව ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් යොමුකර ඇති බවද සඳහන් වේ.

ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ පොලීසිය කියා සිට.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...