සෞඛ්‍ය ලේකම්ගේ මැදිහත්වීමෙන් ඇස් රෝහලේ වර්ජනය නවතියි!

Date:

කොළඹ LNW: ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා වැඩවර්ජනයක නියැලීමට කටයුතු කර තිබුණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එම රෝහලේ අධ්‍යක්ෂක හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගැටලුවලට විසඳුම් දීමට එම සාකච්ජාවේදී සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වී ඇත.

පෙරවරු 08.00ට වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර තිබුණ නිසා රෝගීන් සඳහා තුණ්ඩු ලබාදීම උදෑසන 5.30 සිට සිදුවී නොමැත නිසා අද උදෑසන රෝගීන් අපහසුතාවට පත්වී නැවතත් නිවෙස් කරා යන තත්ත්වයක් දක්නට ලැබුණි.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන හේතුව පරිපාලන නිලධාරීන්ගේ දූෂණ සහ අක්‍රමිකතා වන අතර මෙම දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඉතා නිද්‍රාශීලීව ක්‍රියාපටිපාටියක් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම නිසා වැඩ වර්ජනයට කැඳ වූ බව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ රෝගීන් අපහසුතාවට පත්වන නිසා තුණ්ඩු නිකුත් කිරීම සිදු නොවුනු බවයි. මේ නිසා යම් තරමක වැඩ වර්ජනයක් උදෑසන අට දක්වා ක්‍රියාත්මක වූ බව ඔහු පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත්...

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...