දින දෙක තුනකින් පෞද්ගලික බස් වලටත් ලංගම ඩිපෝ වලින් ඩීසල්!(VIDEO)

ඉදිරි දින දෙක තුන තුළ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ලබා දීමට කටයුතු යොදන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් ද ලැබී තිබෙන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟද ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ලංගම බස් රථ සඳහා දිනකට ඩීසල් ලීටර ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය අතර පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් පන්ලක්ෂ තිස් එක්දහසක් පමණ අවශ්‍ය වන බව ද අමුණුගම මහතා කියා සිටියි.

ASK