තෙල් නං තියනවා ඩොලර් තමයි නැත්තෙ, ෂෙඩ්වලත් ඉන්ධන නිකුත් කිරීම සීමා කළා නං හරි – ගම්මන්පිල

Date:

බොහෝ දෙනා ඉන්ධන අර්බුදයක් පිළිබඳව කතාබහ කළද කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය තිබෙන්නේ ඩොලර් පිළිබඳව මිස ඉන්ධන පිළිබඳව නොවන බවයි.

මේ වනවිටත් ඉන්ධන රැගත් නෞකා කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, කෙසේ නමුත් ඉන්ධන ගොඩබෑම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

අර්බුදය යම් ප්‍රමාණයකින් හෝ සමනය කිරීම සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමටත් ඉන්ධන නිකුත් කිරීමේදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමටත් සිදුව ඇති බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ. ඉන්ධන හල් හිමියන්ද ඉන්ධන නිකුත් කිරීම සීමා කළහොත් ඉන්ධන හිගය යම් ප්‍රමාණයකට කළමාකරණය කරගත හැකි බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...