තෙල් නං තියනවා ඩොලර් තමයි නැත්තෙ, ෂෙඩ්වලත් ඉන්ධන නිකුත් කිරීම සීමා කළා නං හරි – ගම්මන්පිල

Date:

බොහෝ දෙනා ඉන්ධන අර්බුදයක් පිළිබඳව කතාබහ කළද කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය තිබෙන්නේ ඩොලර් පිළිබඳව මිස ඉන්ධන පිළිබඳව නොවන බවයි.

මේ වනවිටත් ඉන්ධන රැගත් නෞකා කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, කෙසේ නමුත් ඉන්ධන ගොඩබෑම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

අර්බුදය යම් ප්‍රමාණයකින් හෝ සමනය කිරීම සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමටත් ඉන්ධන නිකුත් කිරීමේදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමටත් සිදුව ඇති බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ. ඉන්ධන හල් හිමියන්ද ඉන්ධන නිකුත් කිරීම සීමා කළහොත් ඉන්ධන හිගය යම් ප්‍රමාණයකට කළමාකරණය කරගත හැකි බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...