සුවිශේෂී ජනසභාවක් යාපනය වල්වෙට්ටිතුරෙයිදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විධිමත් අයුරින් ජනතා සහභාගීත්වය ලබාගැනීම තහවුරු කරනු පිණිස ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලෙස ස්ථාපනය කිරීම අරමුණු කර ‘ජනසභා’ පිහිටු වීම යටතේ මේ වන විට දිවයින පුරා සාර්ථක ලෙස ආදර්ශ ජනසභා පිහිටුවා තිබේ.

එහි තවත් සාර්ථක පියවරක් ලෙස පිහිටු වනු ලබන සුවිශේෂී ජනසභාවක් ඊයේ (15) යාපනය වල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ දී සාර්ථකව සිදු වී ඇත,

යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්තාරම් මහතාගේ ප්‍රධානත්වයෙන්, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රතීපන්, ප්‍රාදේශීය ලේකම් ෂන්මුගරාජා සුබචෙල්වන් සහ ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ සම්පත් දායකයෙක් වන රවින්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් මෙම ජනසභා පිහිටු වීම සිදුවිය.

මෙම ජනසභා මඟින් සිය ගම (හෝ නාගරික ඒකකය) වඩාත් සංවිධිත සහ සංවර්ධිත ඒකකයක් බවට පත් කිරීම සඳහා වන භෞතික, මානව සහ වෙනත් සංවර්ධන සැලසුම් සකස් කිරීම, එම සංවර්ධන සැලසුම් හි ප්‍රමුඛතා තීරණය කිරීම, ග්‍රාමීය සම්පත් හඳුනාගැනීම, සුබ සාධන අවශ්‍යතා හඳුනාගැනීම සහ ග්‍රාමීය පුරවැසි දුක්ගැනවිලි කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීම යන මූලික කාර්යයන් ඉටු කිරීමට අපේක්ෂිතය.

මෙයට අතිරේක වශයෙන් ගමේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික පුනර්ජීවනය සහ සංවර්ධනය සඳහා කටයුතු කරන සජීවී ව්‍යුහයක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමට ජනසභා සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

ජනතාව සවිබලගැන්වීම තුළින් ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීමටත් පුද්ගල සංවර්ධනය තුළින් ජාතික සංවර්ධනය සඳහා ඉඩ හසර විවර කර ගැනීමටත් මෙම ජනසභා ක්‍රමය තුළින් අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...