වාහන 23 ලක්ෂයක් තහනම් කිරීමේ සූදානමක්!

කොළඹ LNW: දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන් තොටුපළ භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා යෙදවීමට ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව භාවිතයට ගැනීම අනිවාර්ය කිරීමටද නියමිතයි.

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බවත් ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවත් කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බවත් ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ හැට එකක පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව වාහන ලක්ෂ විසි එකකට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින අතර වසර ගණනාවක් පුරා ආදායම් බලපත්‍ර අලුත් කරගෙන වාහන ගැන තොරතුරු ලබා දෙන්නැයි පළාත් සභා යටතේ පවතින පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙත කොපමණ දැනුම් දීමක් කළත් කිසිම පළාත් සභාවක් එකී තොරතුරු ලබාදී නැති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...