ලංකාවට ඔලිම්පික් ප්‍රමිතියේ හොකී පථ දෙකක්.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): කොළඹ සහ මාතලේ අබලන්ව පවතින කෘතිම හොකී පථ වෙනුවට නවතම තෘතිම හොකී පථ දෙකක් ස්ථාපිත කිරීමේ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම දෙසැම්බර් 15 වන දා මැලේසියාවේදී සිදු කෙරිණ.එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ආසියානු හොකී සම්මේලනය අතර සිඳු වූ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියල් අද්මිරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු අත්සන් තැබීය.

ආසියානු හොකී සම්මේලනය වෙනුවෙන් එහි සභාපති ෆුමිඕ ඔගුරා අත්සන් තැබු අතර එම අවස්ථාවට ලෝක සම්මේලනය වෙනුවෙන් එහි සභාපති ඩටෝ ඩයියබ් ඉක්‍රම් ද එක් වීම කැපී පෙණින.


මෙම ධාවන පථ සම්බන්ධ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ ඔඩු දුවමින් තිබුණ අතර නව ක්‍රිඩා අමාත්‍යවරයා පත්වීමෙන් පසුව එම සාකච්ඡා ධනාත්මක මට්ටමෙන් පවත්වා ගෙන යමින් වට්ටම් සහිත මිලකට ලබා ගැනීමට හැකි වීම යහපත් තත්ත්වයකි.අවශ්‍යය මුදල් දින 10 ක් තුළ ආසියානු හොකී සම්මේලනයට ගෙවීමේ පදනම මත අත්සන් තබා තිබෙන මෙම එකඟතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට නිල් පැහැති ඔලිම්පික් ප්‍රමිතිය සහිත කාතිම හොකී පථ දෙකක් ලැබීමට නියමිතය.එහි ඉදිකිරීම් සම්බන්ධ වගකීම ක්‍රිඩා අමාත්‍යංශය දරන අතර මෙම එකඟතා ගිවිසුම අත්සන් කිරීමට ක්‍රිඩා නියෝජය අමාත්‍ය රෝහණ දිසානායක ද එකතු වි ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...