අල්ජසීරා ඊශ්‍රායලයට එරෙහිව නඩු මගට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊශ්‍රායලය විසින් ගාසා තීරයට  එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අල්ජසීරා මාධ්‍ය ආයතනය තීරණය කර ඇත.

ගාසා තීරයේ පිහිටි අවතැන් වූ පුද්ගලයින් නවාතැන්ගෙන සිටි පාසලක වාර්තා කටයුතුවල නිරත වෙමින් සිටි අදාළ කැමරා ශිල්පියා සිකුරාදා දිනයේ ඊශ්‍රායලය විසින් එල්ල කළ ඩ්‍රොන ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ සිද්ධිය ඝාතනයක් ලෙස සඳහන් කරන අල්ජසීරා මාධ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බවය.

විදෙස් වාර්තා පවසන්නේ මෙම මරණයත් සමඟ අල්ජසීරා ආයතනයේ මාධ්‍යවේදීන් 13 දෙනෙකු සිය රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටිය දී මියගොස් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...