*
Monday, April 28, 2025
spot_img

Latest Posts

ආසියානු ප්‍රවින බැඩිමින්ටන් පිටියේ දී චන්ද්‍රිකාගෙන් සහ රොහාන්ගෙන් ශ්‍රී ලංකාවට රත්තරන් සළකුණු

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වියට්නාමයේ පැවති ආසියානු ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රීඩකයින්ගේ විවෘත බැඩිමින්ටන් සූරතාවලියේදී ශ්‍රි ලංකාවේ චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 45 කාණ්ඩයේ කේවල සූරිය වීමේ භාග්‍යය ලද්දාය.එපමණකින් නොනැවුතුණු ඇය රොහාන් ද සිල්වා සමග එක්ව වයස එකතුව 110 වන කාණ්ඩයේ මිශ්‍ර යුගල සුරතාවයද ශ්‍රි ලංකාවට දිනා දීමට පෙරමුණ ගත්තාය.


චන්ද්‍රිකා අවසාන තරගයේදී ඉන්දියාවේ යැස්මින් සායික් පහසුවෙන් පරාජය කරමින් වට 2- 0 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.එම තරගයේ ලකුණු සටහන දැක් වුණේ 21 -7 ක් සහ 21 – 9 ක් ලෙසය.ඉනික්බිතිව ඇය රොහාන් ද සිල්වා සමඟ එක්ව වයස එකතුව 110 කාණ්ඩයේ අවසාන තරගයේදී මලේසියාවේ බෝචි ගැන්ග් සහ සිංගප්පුරුවේ ක්හොක් කෙයි හාර් සම්බන්ධ වුණු මිශ්‍ර යුගල කණ්ඩායම පරායට පත් කළේ ද වට 2- 0 ක් ලෙස ය.එහිදී ලකුණු සටහන 21 – 8 ක් සහ 21 – 12 ක් ලෙස දැක් විණි.


රොහාන් ද සිල්වා වර්ථමානයේ ශ්‍රි ලංකා බැඩිමින්ටන් පරිපාලනයේ නියමු භූමිකාවට පන පොවන අතරේ තවමත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රීඩක සමාජය තුළ සක්‍රියව ක්‍රිඩා කිරිම කැපී පෙනෙයි.එසේම රොහාන් නායකත්වය දෙන ශ්‍රී ලංකා බැඩිමින්ටන් විධායක කමිටුවට චන්ද්‍රිකා ද පරිපාලනයට සම්බන්ධ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී සිටින්නීය.එය ද විශේෂ කොට සැළකිය හැකි අවස්ථාවක් වන අතර රටක සමාජයේ බාල මහළු විය නොසළකා ක්‍රීඩාවට සම්බන්ධවීමෙන් දකින්නට ලැබෙන්නේ එම ක්‍රීඩාව සම්බන්ධ යම් සංස්කෘතික අනන්‍යතාවයක් බැවින් මේ තත්ත්වය ආදර්ශමත් මොහොතක් සේ ගත හැකිය.ඒ ආදර්ශය ඔස්සේ මේ වන විටත් සිඳු වෙමින් පවතින ජාතික මට්ටමේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ දැමීම සහ ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් එකතු කිරීම ද තව තවත් පළල් කිරීම ද වැදගත් කොට තැකිය යුතුය.


මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අතරින් මංජුල ප්‍රනාන්දු පිරිමි වයස 45 කේවල ඉසව්වේ අවසාන තරගයට පැමිණීමද කැපී පෙණින.ඔහු මෙම තරගයේදී 21 – 19 සහ 21 = 14 ක් ලෙස ඉන්දුනීසියාවේ ජොනී හිදයාත් හමුවේ පරාජය වී එය වයස් කාණ්ඩයේ අනු සූරයා වීම ද ශ්‍රී ලංකාවේ කීර්තිය පුළුල් කිරීමක් විය.


ආසියාතික මට්ටමෙන් ඉහළ ගෞරවයක් දිනා දෙමින් මෙම ක්‍රිඩකයන් දෙදෙනා සහ ක්‍රිඩිකාව ශ්‍රී ලංකාවට ලබා දුන් ගෞරවය වෙනුවෙන් අපි ඔවුන්ට සුභාශිංෂන පළ කරන්නෙමු.එසේම චන්ද්‍රිකා සමඟ අවසාන පූර්ව වටය දක්වාම පැමිණි අවුරුදු 110 සහ 80 එකතු කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය උපයා දීමට දායක වූ ලක්ෂ්මි පුංචිහේවාට ද අපේ සුභාශිංෂණය හිමිවන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan