සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්රමුඛ කාර්යය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී. මෙරට ආර්ථිකයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් දක්වන්නේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය මත බවද අමාත්‍යවරයා පවසයි,
ඒ අනුව , 2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවත්. අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව ද අමාත්‍යවරයා කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇