මිචල් ස්ට්‍රැක් ට රුපියල් කෝට් සියයකට ආසන්න වටිනාකමක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ එදා – මෙදා තුරු වාර්තා වූ ඉහළම මිලදී ගැනීම සිඳු කරමින් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිචෙල් ස්ට්‍රැක්ව ඉන්දියානු රුපියල් කෝට් 24.75 ට මිලදී ගත්තේය.පළපුරුදු මෙන්ම ප්‍රවීන වේග පන්දු යවන්නෙක් වන මිචෙල් ස්ට්‍රැක් ක්‍රීඩා පසුබිමක් සහිත පවුල් නියෝජනයකින් මතුව එන ක්‍රීඩකයෙකි.ඔහුගේ සහෝදරයා ජාත්‍යන්තර මට්ටමේ ඉදිරයෙන්ම සිටින ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිමිපික් තරග නියෝජනය කර ඇති උස පැනීමේ ක්‍රීඩකයෙකි.එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදී උස පැනීම වෙනුවෙන් රන් සහ රිදී පදක්කම් දිනා ඇති ක්‍රීඩකයෙක්ය.


ඔහුගේ බිරිද ද ලෝකයේ ඉහළින්ම අවධානය දිනා ගත් ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන අයීශා හීලි ය.ඒ අනුව ක්‍රීඩාවට හැම අත්නිම සම්බන්ධ පසුබිමත් සමඟ නිරන්තරයෙන් ක්‍රීඩාව සමඟ වන පසුබිමක වර්ධණය වන මිචෙල් වයස 33 දී ද ලෝකයේ වාර්තාගත ඉල්ලුමක් ලැබෙන තරමට සිය දස්කම් නඩත්තු කර ගෙන යාම සම්බන්ධයෙන් ඔහු ජීවත්වන පවුල් පරිසරයද ගෞරවයට පාත්‍ර කළ යුතු එකකි.
මේ මොහොතේ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ රුපියල් 4 ට ඉතා ආසන්න මට්ටමකට ඉහළ ගොස් තිබෙන මොහොතකි.ඒ අනුව බලන කළ මිචෙල් ස්ට්‍රැක්ට කල්කටා කණ්ඩායමෙන් ලැබෙන මුදල රුපියල් කෝටි සියයකට ආසන්නය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...