Zelensky විසින් යුක්‍රේන හමුදාව සන්නද්ධ කිරීමට යයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සමග යුද්ධය වසර දෙකක කාලයකට ආසන්නව තිබියදී යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා සිටින්නේ යුක්‍රේන හමුදාවට අමතර පුද්ගලයින් 500,000 ක් දක්වා බලමුලු ගැන්වීමට අවශ්‍ය බවයි.

තම අණ දෙන නිලධාරීන් “450,000-500,000 පුද්ගලයින්” ප්‍රමාණයක් සොයමින් සිටින බවත්, මෙය සංවේදී සහ මිල අධික ප්‍රශ්නයක් බව Kyiv හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ වනවිටත්, සොල්දාදුවන් 500,000ක් පෙරමුණේ සිටින බවට ඔහු පවසා ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ , යුක්‍රේන ජනාධිපතිවරයා මෙය පවසා තිබෙන්නේ එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර පසුබෑම හමුවේ බවයි.

මේ අතර ධවල මන්දිරයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කියා සිටියේ, එක්සත් ජනපදය යුක්‍රේනයට තවත් එක් මිලිටරි ආධාර පැකේජයක් සැලසුම් කරමින් සිටින බවයි.

මේ අතර, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ, සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා බවට සපථ කරමින් මොස්කව් ආක්‍රමණය දිගටම කරගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...