*
Sunday, January 5, 2025
spot_img

Latest Posts

රටකට වඩා පුළුල් ලෝකය පිළිගත් “චාලි”

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වොලිබෝල් සමීපතමයන් අතර ඔහු චාලි ය.නමුත් නම ඊට වඩා දිගය. චාල්ස් කොන්රඩ් තිලකරත්න වාසගම නැතුව නම පමණක්ය.ලෙනාඩි නම් වූ චාලිගේ අයියාගේ වොලිබෝල් පුහුණුව ඔහු අතට එන්නේ අයියාගේ හිස් තැන පිරවීම සඳහාය.යම් මට්ටමකින් පාසල් වියේදී වොලිබෝල් මෙන්ම මලල ක්‍රීඩාවන් හී ද දස්කම් දක්වපු චාලි ඒ සම්බන්ධයෙන් දැණුමක් එකතු කරගෙන තිබිණි.එහෙත් කණ්ඩායමක බර පුහුණුකරු ලෙස ඊටත් වඩා තදින් පුරවා හිසේ තබා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකියාව තිබිණ.


ඒ බව ඔහුට කියා පෑමට තිබුණ බිම වූයේ මාදම්ප සේනානයක විද්‍යාලය විය.එහිදී චාලි සමස්ත ලංකා මට්ටමෙන් බාලක බාලිකා සූරතා රැසක් සේනානායකයට ගෙනවිත් දුන්නේය.ඒ හැකියාවන් සමඟම චාලි ද වොලිබෝල් කේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේය.ඔහු යම් ආකාරයක විසිරුණු හැකියාවන් සහිත අයෙක් වීම නිසාමත්,ඒ සියල්ල අවසානයේ දැණුම බවට පරිවර්ථනය කර ගනිමින් මෙහෙයවීමට තිබුණ හැකියාව නිසාත් චාලි දිනෙන් දින ආකර්ශණීයත්වයට පත් විය.එය අහඹුවක් නොවිණි.
චාලි පුහුණුකරුවෙක් ලෙස මතු වී එන සමයේම මාධ්‍යවේදියෙක් ලෙස මේ ලියුම්කරුගේ අවධානය යොමු වූ කරුණක් වූයේ මේ රටට අනීතිකව විදේශගතවීම් නිසා අහිමි වූ වොලිබෝල් ක්‍රීඩකයන්ගේ ජීවිත පිළිබඳ තොරතුරුය.ඒ ඇතැමෙක් ගැන ලියූ අතර තවත් බොහෝ අය ගැන එකතු කරගත් තොරතුරු අනුව ඒ පළායාම් සඳහා වන හේතු ද තිබිණ.සමහර අය වොලිබෝල් ජාතික කණ්ඩායම නිසාම රැකියාව අහිමි කරගෙන තිබිණ.එහෙත් කිසිඳු බලධාරියෙක් ඒ අහිමි වූ රැකියාව හෝ වෙනත් රැකියාවක් ලබා දීමට මැදිහත්ව කටයුතු කර නොතිබිණ.ඒවා හරිියට නොසළකා හැරීම් විසින් සළකුණු කළ වීසා වැනිය.


ඔවුන් නැවත කරළියට ගෙන ආ යුතුය යන හැඟීමෙන් මා සෙවූ තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු වූයේ චාලිගේ යතුරු පැදිය පිටුපස සිටය.ඒ සංචාරවලදී එම ක්‍රීඩකයන්ම පමණක් නොව සමහර විට ඊට අදාළ තොරතුරු ද සොයා ගැනීමට වෙනත් අය ද හමු විය.පසුකලෙක මට දැණුනේ ඒ සංචාර යනු චාලි ද ඉදිරියට පැමිණෙමින් සිටිය පුහුණුකරුවෙක් ලෙස තමන්ට ඇති අභියෝග පළල් කර ගැනීමකට දායකවීමක් ලෙසය.එහෙත් ඔහු ඒ සැම වෙනුවෙන්ම වොලිබෝල පිටියට පිවිසීමට අවස්ථාවක් තිබිය යුතු බව විශ්වාස කළේය.ඔවුන්ට වොලිබෝල් අහිමිවීම මෙන්ම වොලිබෝලයට ඔවුන් අහිමිවීම ද ගැටළුවක් යන මතයේ චාලි ද සිටි අතර ඒ පවුල් වෙත සමාජය විසින් ඇති කරන පීඩනයද මෙහිදී අවධානයට ලක් කළේය.මේ ලියුම්කරු ලියූ ගොඩගේ යොවුන් සාහිත්‍ය අත්පිටපත් තරගයේදි ඇගයීම් ලද යොවුන් නව කතාව පෝෂණය කළ බොහෝ කරුණු ද ඒ නිසා චාලිගේ යතුරුපැදිය පිටුපස බැදී ආ කරුණු වන්නේය.
ඒ චාලිගේ එක් පරිච්ඡේදයක සටහන්ය.තවත් අතකින් ඔහු වැඩකදී පසු නොබා වැඩේ වෙනුවෙන් කළ කැපවීම සහ ඉගෙනීම ද අත් නොහළේය.


ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරලා තියෙනවද?
ජාතික සංචිතයවත් නියෝජනය කරලා තියෙනවද ?
චාලි පුහුණුකරුවෙක් ලෙස ඉහළට පැමිණෙද්දී බොහෝ අයට තිබුණ ගැටළු අතර අදත් පවතින්නේ මේ ප්‍රශ්න කිරීමමය.ඒ වෙනුවට චාලි නිහඬව ජාතික කණ්ඩායමට පොම්ප කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම අත් නොහළේය.ඒ නිසාම චාලිට යම් යම් අවස්ථාවන් පුහුණුකරුවෙක් ලෙස ලබා ගැනීමට අවශ්‍යය පදනම වැටුණේය.ජාතික පුහුණුකරු ධූර සඳහා ඉල්ලීම් කරන්නට පෙර ජාතික පාසල් කණ්ඩායම යොවුන් කණ්ඩායම වැනි තැන් හී චාලි සහය පුහුණුකරුවෙක් ලෙස ද හැසිරුණේය.වරක් චන්න ජයසේකර සමඟ සහය පුහුණුකරුවා ලෙස හැසිරෙමින් ආසියාවේ තෙවන තැනට ශ්‍රී ලංකාව ගෙන එන්නට ගත් උත්සාහයේ චාලි සිටියේ චන්නගේ සහයටය.


ඒ ආකාරයට වැඩෙන චාලි විවිධ වගකීම් පැවරෙන තැන් හී දී වගකීමට සාධාරණය කළ ආකාරයෙන්ම සිත් දිනා ගැනීමටත් හැකියාවන් හරහා අවශ්‍යය ජාත්‍යන්තර දැණුම ලබා ගැනීමට පෙරට ඒමටත් සමත් විය.ඒ වටිනාකම දිනෙන් දින වැඩි කරගත් චාලි අද වන විට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ (FIVB) පුහුණු උපදේශකවරයෙක් ලෙස වොලිබෝල් සහ බීච් වොලිබෝල් යන දෙ’අංශයෙන්ම සුදුසුකම් ලබා ඇත.මීට පෙර මේ ආකාරයට ලාංකිකයෙකු වොලිබෝල් අංශයෙන් ඒ අවස්ථාවට සුදුසුකම් ලබා ඇත්තේ කේ.විජේපාලයන් පමණි.ඔහු ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 1991 දී දකුණු ආසියානු වොලිබෝල් රන් පදක්කම සඳහා මෙහෙය වූ පුහුණුකරුවාය.එහෙත් චාලි යම් ආකාරයකින් මේ දැවන්තයාද අභිබවා යන්නේ එකල බීච් වොලිබෝල් නොතිබි බැවින් විජේපාලයන්ට ඒ සුදුසුකම ලබා ගන්නට නොහැකි වූ බැවිනි.ඒ අනුව චාලි මේ අංශ දෙක සඳහා පුහුණු උපදේශකත්වයට FIVB නිර්දේශය ලද ලංකාවේ පළමු වැන්නාය.


චාලි සහ විජේපාලයන් අතර සමානකමක් ද ඇත.කවදාවත් විජේපාලයන්ගෙන් කිසිවෙක් ඔබ ජාතික කණ්ඩායමට ක්‍රිඩා කළේ දැයි ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු ජාතික පුහුණුකරු ලෙස වැළඳ ගත්තේය.ඔහු ජාතික මට්ටමේ ජයග්‍රහණ සහිත ක්‍රීඩකයින් පෝෂණය කරමින් ජාතික පුහුණුකරු වෙමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණ ගෙනවිත් දුන්නේය.එහෙත් ඔහු මලල ක්‍රීඩකයෙක් ලෙස මීටර් 400 සහ 400 සහය දිවීමේ ඉසව්වලට දක්ෂතා දැක් වූ අයෙක් මිස ජාතික කණ්ඩායමට වොලිබෝල් ක්‍රිඩා කළ ක්‍රිඩකයෙක් නොවීය.ඔහු නමුත් පුහුුණුකරුවෙක් ලෙස අති දක්ෂ ක්‍රිඩකයෙකු විය.චාලි ද අද වන විට ඇති වි තිබෙන රැලේලේ නිරන්තර ප්‍රශ්න කිරීම්වලට ලක්වන අවස්ථා උදාවන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නැතිවීම නිසාය.එහෙත් FIVB කඩඉමට ඔවුන් පිළිගන්නා සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන්නට හැකි වී ඇති පුහුණුකරුවන් දෙදෙනාම ඉහළ ක්‍රීඩකයින් නොවී ක්‍රීඩක භූමිකාවේ සහ පුහුණුකරු භූමිකාවේ ඇති වෙනස පැහැදිළි කර ඇත.


රටක වොලිබෝල් පරිපාලනයෙන් අවසාන මොහොතට අවශ්‍යය නිර්දේශය හැරෙන්නට FIVB පුහුණු උපදේශකත්වය ලබා ගැනීම සඳහා දීර්ඝ පරීක්ෂණ සමයක් පසු කළ යුතුය.එයට මැදිහත් වන්නට ජාතික වොලිබෝල් සංගම්වලට හැකියාව ඇත්නම් රටවල්වල මේ වන විට බුරුතු පිටින් FIVB පුහුණු උපදේශකයෝ සිටිය යුතුය.ශ්‍රී ලංකාව වැනි රටක හිටපු ජාතික පුහුණුකරුවෝ සියල්ලෝම මේ වන විට FIVB පුහුණු උපදේශකයන් විය යුතුය.පරිපාලනය අකමැති කෙනෙක්ට ජාතික පුහුණුකරු වීමට අවස්ථාවන් නැති තරම් ය.ඒ අනුව චාලි ට වොලිබෝල් පරිපාලනය කැමති නිසා ජාතික පුහුණුකරු වීමට හැකියාව ඇති බව යම් කිසි සාධාරණ තර්කයක්ය.එහෙත් ඪ FIVB පුහුණු උපදේශකත්වයනම් ජාතික වොලිබෝල් පරිපාලනයට ලබා දිය නොහැකි දෙයකි.


ලෝකයට විශාල වශයෙන් විවෘත අවකාශයක් ඇතුළේ පුංචි පුංචි ලී කැබලි ගෙන ගසන ඉණි වැටවල්වලින් පුද්ගල දක්ෂතා වසා තබන්නට නොහැකිය.රටක් වට කර ගැසිය හැකි වැට ලොවක් වට කර ගැසිය නොහැකිය.ඊ ලඟ තත්පරයේ චාල්ස් තිලකරත්න ලෝකයට විවෘත වූ ජගත් වටිනාකමක් ඇති පුද්ගලයෙක්ය.ශ්‍රී ලංකාව මට්ටමේ හෝ ඊට පසු තැනෙක ආර්ථික වශයෙන් හෝ ශ්‍රේණිගත කිරීමෙන් තිබෙන රටකට FIVB පුහුණු උපදේශකයෙකුගේ සේවය ලබා දීමට චාලිට ඇති අවස්ථාවන් පුළුල් ය.
“මහා නදියක අතින් අල්ලා ඔබා ගෙන වසා ගෙන සිටින්නට නොහැකි තරමට විශාල බෝලයක් වෙන්න.ඒකට තියෙන හොඳම දේ ඉවසිමෙන් විෂය ඉගෙනගන්න. අපි චාලිගෙන් ඒ දේ ඉගෙන ගත යුතු වන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan