රජයේ මහල් නිවාස සංකීර්ණවල ජනතාවට කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසා සිටියේ, රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් පැහැදිලි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් මත 2024 වසර තුළදී නිවාස 8351 කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...