සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද 2023 ජාතික පාපැදි සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ චමෝද් ද සිල්වා ට හැකි විය.කාන්තා සූරතාවය දිනා ගනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කළ දිනේෂා දිල්රුක්ෂිය.


පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවත් වූ මෙම පාපැදි සූරතාවලියේ දී කිලෝ මීටර් 150.5 ක දුර ගෙවා දමන්නට පළමු ස්ථානය දිනූ ක්‍රීඩකයින් හය දෙනාටම ගත වී තිබුණේ පැය 3:30:24 ක කාලයකි.සාමාන්‍යයෙන් පැයට කිලෝ මීටර් 40 ට වැඩි වේගයකින් පාපැදිය හසුරුවන්නට සමත් වූ පිරිමි පාපැදි තරගයේ තරගය නිම කළ ක්‍රීඩකයින් 44 දෙනාගේම ස්ථාන මේ සමඟ වන අතර මෙහදී කැපී පෙණෙන දස්කම් දැක්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පාපැදි සූරයන්ට හැකි විය.මුල් ස්ථාන හතරම ගම්පහ දිනා ගැනීම ඒ අතරින් කැපී පෙණින.




කාන්තා තරගයේදී ද දෙවන සහ තෙවන ස්ථාන හිමි වුණේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර මුල් ස්ථාන හතටම කිලෝ මීටර් 45.2 ක් වූ දුර ගෙවන්නට පැය 1:20:14 ක කාලයක් ගත වී තිබිණ.එය පැයකට කිලෝ මීටර් 33.8 ක් පමණ වූ සාමාන්‍ය වේගයකි.
පාර හැඩ කරන අපූරු දසුන් දැකිය හැකි ආකර්ශණීය ඉසව්වක් වන පාපැදි ක්‍රීඩාව තුළින් යම් ඉදිරිගාමි ගමණක් යාම ද වරින් වර ඇති වන යටින් දේශපාලනය මුසුව හමන සුළි කුණාටුවලින් වෙනස් විම කණගාටුදායක තත්තවයකි.එයින් සිඳුවන්නේ මිනිසුන්ගේ මනසින් පාපැදි ක්‍රිඩාව දුරස්වීම වන අතර දශක ගණනාවකට පෙර රටේ සාමාන්‍ය ජනයා අතර නිරන්තරයෙන් රැඳුණු පාපැදි සූරයන්ගේ නම් මෙන්ම එසේ රැදෙන්නට රට පුරා දිවෙන ආකාරයේ පාපැදි තරග ද දැන් නොපැවත්වීම හේතු වි ඇත.එම සංස්කෘතිය කුමාරවේල්,ඇන්තනී සිමන්ස්ලාගෙන් ඇරඹී බොනිපස් පෙරේරා,ඒ.එම් සුමනවීර,හෙන්ඩර්සන් සොහොයුරන්ගේ සිට මදක් ඉදිරියට ගමන් කර කමල් පාලිත ලා දක්වා පැමිණ නතරව ඇති බවක් දකින්නට ඇත.යළිත් රට පුරා ජනතාවට දැනෙන පාපැදි තරග සංවිධානය වී අනුග්රහයන් වැඩි කර ගැනීම පාපැදි පරිපාලනයේ මෙන්ම ක්‍රිඩා අමාත්‍යංශයේ ද වගකීමය.


විශේෂයෙන් මේ තත්ත්වය යළි දියුණු කර ගැනීමට වසර තිහකට හතළිහකට ආසන්නයේ ඉතිහාසය අධ්‍යයනය කරන අයෙකුට පැහැදිළිව දැකිය හැකි දෙයක් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය පාදක කරගෙන මැණික් ව්‍යාපාරිකයින් පැවත් වූ අවුරුදු උත්සව සම්බන්ධ පාපැදි සවාරිය.ඒවා නතර වන්නට ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමෙන් පාපැදි නීතී පැමිණීම ද බලපාන්නට ඇති අතර ඒවා මිත්රශීලීව එම තරග සංවිධානය කළ අය සමඟ කතා කර ඒ හරහා ඔවුන්ට වැඩි ප්‍රචාරයක් ලබා ගැනීමට හැකි ආකාරයන්ද පෙන්වා දීම දැන්වත් පාපැදි බලධාරීන් කල්පනාවට ගත යුතුය.
රට පුරා ගොවි බිමි හරහා පැපැදිය ගමන් කරවීමට එම කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර,මූල්‍ය සමාගම් හරහා ද,බොහෝ ජනමාධ්‍ය රට පුරා පැතිරවීමට තරගකාරි ලෙස යටින් රැඟෙන යන මාධ්‍ය තරකාරීත්වයද යොදා ගැනීමට හැකිනම් පාපැදි මාර්ග තරග යනු ජනතාවට සීමප විය හැකි ආකර්ශනීය ඉසව්වකි.
නිල ප්‍රතිපල ලේඛණ මාධ්‍යයට නිකුත් කළ ආකාරයෙන්ම පහත දැක්වේ.
ELETE MEN ROAD RACE – RESULTS SHEET
Date:- 12/17/2023 Distance:- 150.5km Average:-40.96km/ph
R/No | Name | District | L/No | Proformance | Position |
1 | Chamod De Silva | GAMPAHA | 1828 | 3:40:24 | 1 |
15 | Niran Pasindu | GAMPAHA | 1640 | 3:40:24 | 2 |
2 | Ashen tharula | GAMPAHA | 1235 | 3:40:24 | 3 |
11 | Kasun Nimesh | GAMPAHA | 1440 | 3:40:24 | 4 |
44 | W D Buddika Wararnakulasooriya | Kurunagala | 799 | 3:40:24 | 5 |
29 | H W M Sandaruwan Pintho | Puttalama | 1791 | 3:40:24 | 6 |
6 | Dane Nugera | GAMPAHA | 637 | 3:40:53 | 7 |
36 | K S Kumara | Galle | 578 | 3:40:53 | 8 |
49 | Thushan Rajapaksha | Kaluthara | 1200 | 3:40:53 | 9 |
60 | Pathum Sampath | Polonnaruwa | 1639 | 3:42:06 | 10 |
65 | D A Suresh Prasanga | Hambanthota | 1258 | 3:43:15 | 11 |
22 | S S Tharanga | Colombo | APP | 3:43:15 | 12 |
3 | Achintha Rukmal | GAMPAHA | 3103 | 3:43:15 | 13 |
7 | Dimuthu Sanjeewa | GAMPAHA | 1233 | 3:43:15 | 14 |
23 | Sudeera Nilanga | Colombo | 160 | 3:43:15 | 15 |
51 | Aruna Kumara | Kaluthara | APP | 3:43:15 | 16 |
32 | C M V Ramesh Appuhami | Puttalama | 1424 | 3:43:15 | 17 |
59 | R H Tharindu Sandaruwan/**u | Matara | 1710 | 3:43:15 | 18 |
14 | Suranga Ranaweera | GAMPAHA | 876 | 3:43:15 | 19 |
31 | M N M Fernando | Puttalama | 1138 | 3:43:15 | 20 |
5 | Niroshan Kumarasinghe | GAMPAHA | APP | 3:43:26 | 21 |
64 | U Mahinda Sena | Hambanthota | 723 | 3:45:53 | 22 |
8 | Janaka Hemantha | GAMPAHA | 598 | 3:46:00 | 23 |
10 | L D Tharusha | GAMPAHA | 6623 | 3:46:00 | 24 |
12 | Milinda Promod | GAMPAHA | 2518 | 3:46:00 | 25 |
46 | Dilan Nalaka | Kurunagala | 1727 | 3:46:00 | 26 |
57 | U V D Sampath Rajakaruna | Matara | APP | 3:46:00 | 27 |
30 | W L M Fernando | Puttalama | 1744 | 3:46:00 | 28 |
9 | Jeewan Jayasinghe | GAMPAHA | 636 | 3:46:00 | 29 |
16 | Sanju Deemantha | GAMPAHA | 1384 | 3:46:00 | 30 |
42 | R G N V Rajapaksha | Anuradhapura | APP | 3:46:00 | 31 |
20 | G L Rathnasuriya | Colombo | APP | 3:46:00 | 32 |
28 | Buddi Jayamnna | Colombo | 1628 | 3:46:00 | 33 |
40 | M P R R Priyadarshana | Anuradhapura | 1257 | 3:48:25 | 34 |
13 | D S C Jayasinghe | GAMPAHA | APP | 3:56:06 | 35 |
48 | H M Hasitha Ruwan | Kurunagala | APP | 3:56:06 | 36 |
43 | Lakshitha Madusanka | Anuradhapura | APP | 3:56:11 | 37 |
38 | W S R Naamarathne | Anuradhapura | 862 | 3:56:11 | 38 |
52 | Aruna Hettiarachchi | Kaluthara | APP | 4:04:55 | 39 |
67 | Dinesh Chamira | Kegalla | 1114 | 4:04:55 | 40 |
61 | Bandara Pramarathne | Polonnaruwa | 1452 | 4:04:55 | 41 |
70 | A P Niroshan Lanka | Galle | APP | 4:04:55 | 42 |
68 | P K S Madusanka | Colombo | APP | 4:04:55 | 43 |
19 | G M D C Deshan | Colombo | 2505 | 4:04:55 | 44 |
Panel Of Commissires
JATHIKA SHURATHA PAPADI THARANGA 2023
PUTTALAMA
ELITE WOMEN ROAD RACE – RESULTS SHEET Date:- 12/17/2023 Distance:- 45.2km
Average:-33.8km/ph
R/No | Name | District | L/No | Time | Position |
37 | M A Dinesh Dilrukshi | Puttalama | 943 | 1:20:14 | 1 |
26 | Panchali Sulochan | GAMPAHA | 1296 | 1:20:14 | 2 |
27 | Anne Shenali | GAMPAHA | 2694 | 1:20:14 | 3 |
36 | W R Madumali Fernando | Puttalama | 1680 | 1:20:14 | 4 |
42 | P A Sudarika Priyadarshani | Kurunagala | 947 | 1:20:14 | 5 |
28 | Akasha Sandamini | GAMPAHA | 1825 | 1:20:14 | 6 |
33 | R B N W Rajapaksha | Colombo | 1856 | 1:20:14 | 7 |
39 | U N Kumarasinghe | Anuradhapura | 1378 | 1:26:05 | 8 |
41 | S S H Sanavirathne | Anuradhapura | 1251 | 1:26:05 | 9 |
49 | W Nimesha Dilrukshi | Monaragala | 1860 | 1:26:05 | 10 |
30 | Dishani Sewmini | GAMPAHA | 1648 | 1:26:05 | 11 |
34 | M A L Dulanjali | Colombo | APP | 1:26:05 | 12 |
29 | L A Nimesha Madurangi | GAMPAHA | 1952 | 1:26:05 | 13 |
35 | K S Kumari | Colombo | 857 | 1:26:05 | 14 |
45 | W A A Madushani Wanasinghe | Kurunagala | APP | 1:26:05 | 15 |
47 | M R M Rupawathi | Ampara | 917 | 1:26:05 | 16 |
44 | Y S N Yagodage | Kurunagala | 2608 | 1:26:05 | 17 |
31 | K P Charurika Sabitha | GAMPAHA | 2693 | 1:26:05 | 18 |
48 | S Y Nimalka Chamodani | Matara | 1851 | 1:26:05 | 19 |
32 | K W Ayesha Madushani | RATHNAPURA | 1226 | 1:26:05 | 20 |
38 | R M Chamodya Madumali | Puttalama | APP | 1:26:05 | 21 |
50 | R M Sumadha Kumari | Matale | APP | 1:30:35 | 22 |


