ඇමති දරුවෝ රජ සැප විඳිද්දී රට රැකියා සොයා ගිය තරුණයන් 56ක් මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට ලක්වෙලා – සජිත්

Date:

මේ රටේ ජීවත් වන බොහෝ දෙනකුට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති නිසා උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන්, තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර යන බවත් බහුතරයක් තරුණයන් අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ වර්තමානය සහ අනාගතය සුබදායක නොවන බව හැඟි යාමත් රජයට පවා හරිහැටි දැක්මක් නොමැති බවට දැනුන නිසා රට රැකියා සොයා ගියා තරුණයන් 56කට ආසන්න සංඛ්‍යාවක් හොර මිනිස් ජාවාරම්කාරී කල්ලිවලට හසුවී මේ වන විට මියන්මාරයේ ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්ව ඛේදනීය ශෝචනීය තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මේ සිදුවීමෙන්වත් වත්මන් පාලකයන්ට ඇස් ඇරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල 56 වැනි අදියර යටතේ වත්තල පමුණුගම ගොන්සාල්වෙස් විද්‍යාලයේ සිසු දරුවන්ට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමිනි.

වැට් බදු ආදී අධික බදු බර පටවා මේ රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා තරුණ පරපුර පවා නන්නත්තාර වී ඇති බවත් මෙසේ රට අතහැර යන තරුණ පරපුර රටේම රඳවා ගෙන ඔවුන් ආර්ථික අභිවෘද්ධියේ කොටස් කරුවන් කළ හැකි බවත් රට ගොඩනගන නායකයන් බවට තරුණයන් පත් කිරීමට නොහැකි වී ඇත්තේ රජය ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංකෝචනය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැවටිලිකාර වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ රටේ තරුණ තරුණියන් හසුවී ඇති බවත් මේ ජවසම්පන්න තරුණ තරුණියන් එකතු කර ගෙන රටේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කර කර්මාන්තශාලා වැසී යාම වෙනුවට ඒවා ශක්තිමත් කර දළ දේශීය නිෂ්පාදිතය විශාල කළ හැකි බවත් එමඟින් ඇතිවන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සෑම ජන කොට්ඨාසයකටම ලබා දෙන නිවැරදි ආර්ථික ගමනක් අපේ රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේ ම දේශපාලන බලවතුන්ගේ දූදරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තම දෙමාපියන්ගේ දේශපාලන බලය සහ ධන බලය තුළින් ඔවුන් වරදාන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින නමුත් රටේ බහුතරයක් තරුණයන් අන්ත අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහනයට ලක්වූ තරුණයන්ගේ ජීවිත වලට රජය වගකියනවාද කියා තමා ප්‍රශ්න කර සිටින බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී ආයතන මැඩපැවැත්වීමේ පනතට එරෙහිව යුක්‍රේනයේ විරෝධතා!

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණ විරෝධී...

මහබැංකු අධිපතිගෙන් පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : අද (23) දින...