මොන පිස්සුවක්ද ?

Date:

කොහොමත් ඉඩක් නැති නගරෙක
මොන පිස්සුවකට ද නැතිකරගත්තෙ
කණාමැදියෙක්වම ඔබ

දැන් කෝ කළුවරක්
හොයන්නෙ කොහොම ද අපි ඌව?
කවුද දන්නෙ ‘කරස්’ ගා කාලා දාලද
කවුරුම හරි ඌව?
ඔව්!! නොකිව්වට මම,
ඒ තරම් අසික්කිතයි
ඕන නගරෙක, ඕන එකෙක් මේ වෙනකොට

බැරි ද නාඩා ඉන්න?
ඔය ඉළව් කණාමැදිරියා මළා යැයි නොහිතා ඔබට?
කලින් කීවා තමයි ‘කරස්’ කතාවක්
සමාවෙන්න, ඒ මගේ අමනුස්සකම
ඒවා එන්නෙත් සංසාර පුරුද්දෙන්
අර කවුද කිව්ව පෙර ආත්මෙක
වඳුරෙක් වෙලා ගුහාවක පැන පැන උන්නු කාලෙක

තව ගොඩක් කල් යයි
නගරෙම කළුවරේ ගිලෙන්න
පත්තු කරනවා කවුරුහරි මිනිහෙක් එළියක්
ලන්තෑරුමක්, පැට්‍රොල් මැක්ස් එකක් හෝ ගිනි පෙනෙල්ලක්
අපිට බෑ ඒ එළියෙන් ගැලවෙන්න
එන්න ඇලවෙන්න ඉඩ තියෙන තැනකින්
අමතක කර ඔයාගේ ඒ නැතිව ගිය කණාමැදිරියාව

~ කාංචනා අමිලානි
2023.12.22

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...