*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කරනවා – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තමන් විසින් ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨ කරන බවත්, ඉෂ්ඨකල නොහැකි පොරොන්දු ලබා නොදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සිය සෞඛ්‍ය වෘත්තිකයන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඉකුත් 23 වනදා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුව එම රෝහල් වල සෞඛ්‍ය වෘත්තිකයින් සමග පැවති විශේෂ සාකච්ඡාමය අවස්ථාවේදීය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් අනුව සිදුකරන ලද මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ නියෝඡ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරුන් පිරිසක්ද සහභාගිවී සිටියහ.

මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අලුතින් ඉදිකරන ලද සායන සංකීර්ණ ගොඩනැගිල්ල රෝගී සත්කාර සේවාවන් සදහා එක් කිරීමද සිදුවිය. මෙම සායන සංකීර්ණය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 45 කට අධික මුදලක් වැය කර තිබෙන අතර එම ගොඩනැගිල්ලේ බාහිර රෝගී අංශ සායන, හෘද රෝග සායන, උගුර ,කන නාසය පිළිබද සායන, ශ්වසන රෝග සායන, රක්ත ව්‍යාධිවේදී සායන, රත්තවේද සායන පැවැත්වීමට පහසුකම් ඇත.

එමෙන්ම ඇමරිකානු ආධාර වැඩපිළිවෙල යටතේ (USAID) සංවිධානයේ මුල්‍ය ප්‍රතිපාදන මත ස්ථාපිත කරන ලද liquid oxygen පද්ධතිය රෝගී ප්‍රතිකාර සේවාව සදහා එක් කිරීම ද සිදු විය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකක, නොමේරු ලදරු ඒකක, ශල්‍යාගාර සදහා ඔක්සිජන් පහසුකම් ලැබෙන අතර දෙවැනි අදියරේ දී සමස්ථ රෝහලේ වාට්ටු ඇතුළුව ඔක්සිජන් අවශ්‍ය වන සියළු අංශ සදහා නළ මාර්ගයෙන් මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය. මේ සදහා එම සංවිධානය රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැය කර ඇත.

රෝහලේ වාට්ටු, ඖෂධාගාර, බාහිර රෝගී අංශ, හදිසි ප්‍රතිකාර අංශ, අධි සත්කාර ඒකක, ඇතුළු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් රෝගීන්ට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පවතින ගැටලු, ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය ඖෂධ රෝහල තුළ තිබේ ද යන්න පිළිබදව ද පෞද්ගලිකව විමසීම් කලේය.

මෙහිදී, රෝහලේ විවිධ තනතුරු වල කාර්ය මණ්ඩල වලට පවතින නේවාසික පහසුකම් ගැටලුව විසදීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට ද, රෝහල් සදහා වන තාක්ෂණික උපකරණ, රෝගී පරීක්ෂාවන් සදහා යොදා ගන්නා වෛද්‍ය උපකරණ, රසායනාගාර උපකරණ හා අනෙකුත් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍යතාවය මත කරන ලද ඉල්ලීම් විසදීම සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සාධනීය ප්‍රතිචාර දක්වන ලදී.

නාවලපිටිය දිස්ත්‍රික්ක මහ රෝහල සදහා සීටී ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හමුවේ සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ මුදල් අමාත්‍යංශය හා සාකච්ජා කොට මේ ප්‍රදේශයේ ජනතාවට විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට එම ඉල්ලීම කඩිනමින් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ,

“ලෝකයේ කිසිම රටකට සමකල නොහැකි විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක වන බවත්, ඒ බව දැඩිව වැටහෙන්නේ විදේශ රටකට ගිය විට බවත්ය. අපේ සෞඛ්‍ය දර්ශක අනුව ආසියානු කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව සපයන රට ශ්‍රී ලංකාව බවත්, රටක තාක්ෂණික වශයෙන් එම සේවාව අගයන්නේ සෞඛ්‍ය දර්ශක හරහා බවද කියා සිටියේය.

මෙරට සෞඛ්‍ය සේවාව මෙැවනි විශිෂ්ඨ අන්දමින් පවත්වා ගෙන යාමට හැකිවී තිබෙන්නේ අපේ සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීම නිසා බවත්, අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් දිනකට රෝගීන් 50 ක් 100 ක් පැමිණියත් ඒ සියලු දෙනාට ප්‍රතිකාර සිදු කරන බවත්, එංගලන්තය වැනි රටක විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසීමට වසරකට ආසන්න කාලයක් බලා සිටීමට සිදු වන බවත් අවධාරණය කර සිටියේය.”

මෙම නිරීක්ෂණ චාරිකාවන් වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය, අධ්‍යක්ෂ (පුහුණු) වෛද්‍ය සමන්ත රණසිංහ, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානක සෝමරත්න, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු යන මහත්ම, මහත්මීන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, හෙද නිලධාරීන්, ඇතුළු සියලු වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී වුහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan