සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඊයේ(25) රාත්‍රී කාලයේ සාදයක් අතරතුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදීමක් සිදුව ඇති අතර, එහිදී වැලිකඩ, වල්පොල ප්‍රදේශයේ විජිතපුර මාවතේ පදිංචි පුද්ගලයෙකු එම පහර දීමෙන් ඝාතනය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි වල්පොල, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර මියගිය පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමක් මත සිදු වූ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ලයා මිය ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වැලිකඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතර, ඝාතනයට සම්බන්ධ වල්පොල අංගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ස්ඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
