හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගෙන් CIDය ප්‍රශ්න කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රශ්නගත ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

පොලීසිය ප්‍රකාශ කළේ , අද උදෑසන 9.00 සිට අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි.

තවද, ප්‍රශ්න සහිත ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් CID භාරයට ගත් ලිපිගොනු රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණු අතර, අදාළ ලිපිගොනුවල සඳහන් අත්අකුරු සහ අත්සන් පරීක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බවට තොරතුරු වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් කාර්යාලයෙන් සිය භාරයට ගත් ලිපිගොනු ඇතුළු ලිපිගොනු තොගයක් එලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...