ඩුබායි හා ප්‍රංශයේ සැඟව සිටින පාතාලයින් 30ක් කඩිනමින් අත්අඩංගුවට ගෙන මෙරටට ගේනවා – ඇමති ටිරාන්

Date:

විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක උත්සවයට පසුගියදා (25) එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල් රැසක් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතුවරෙන්තු පවා ලබාගෙන තිබෙනවා. දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සැඟවී සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී තිබෙනවා.ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට එම රටවල් සමඟ සාකච්ජා සිදු කෙරෙමින් පවතිනවා, නමුත් ඒ රටවල පවතින නීතිමය තත්ත්වයන් සමඟ ඒ කටයුතුවලට යම් කාලයක් වැය වනවා.

යුක්තිය වැඩසටහනට බාධා කරන පිරිස් මෙය නතර කරන බවට විවිධ ප්‍රචාර සිදු කලත් අප කිසිසේත්ම මෙම මෙහයුම නතර කරන්නේ නැහැ. කවුරුන් බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ඉලක්කය අප ජයගන්නවා.

ඒ තුලින් රටේ විශාල පරිවර්තනයක්‌ සිදුවනු ඇති බව මට විශ්වාසයි.මා මෙම අමාත්‍යධුරයේ කටයුතු කරන තාක් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නා බවට මම සහතික වනවා”

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ,මංජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...