මාතර බන්ධනාගාරයේ රැඳවූවන්ගේ රෝගී තත්ත්වය යහපත් අතට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර බන්ධනාගාරයේ සිට මොළේ උණ හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ රැඳවූවන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පවසයි.

මෙම රෝගී තත්ත්වය මොළේ උණ (MENINGITIS) බවට වෛද්‍යවරු සැක කළ අතර පසුගියදා (22) රෝගීන් අට දෙනකු රෝහල්ගත කළ අතර ඉන් එක් රෝගියකු මිය ගියේය. ඉන්පසු පසුගියදා (23) ද තවත් රෝගීන් නව දෙනකු රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙසේ ඇතුළත් කළ රෝගීන් තිදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් බව වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවසීය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවසූවේ, වමනය, උදරයේ වේදනාව, හිසරදය, බඩඑළිය යෑම හා උණ යන රෝග ලක්ෂණ මෙම රෝගීන්ගෙන් දක්නට ලැබුණු බවත් රෝගීන්ගෙන් ලබාගත් සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ රෝගීන් තිදෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලැබූව ද ඔවුන්ගේ තත්ත්වය යහපත් බවත්, අද (27) දිනයේ වාට්ටු හා අදාළ ඒකක භාර විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඔවුන්ගේ නිගමන අනුව සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා රෝගීන් රෝහලින් පිටත් කර හැරීමට හැකිවනු ඇති බව ද ඔහු කියා සිටී.

මාතර බන්ධනාගාරයේ ද තත්ත්වය ඊයේ (26) වන විට සාමාන්‍ය අතට හැරී ඇති අතර 23 වැනිදායින් පසු කිසිදු රෝගියකු වාර්තා වී තිබුණේ නැත් බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...