තවත් පිරිසකගේ ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (27) රාත්‍රියේදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තවත් ශ්‍රි ලාංකිකයින් 211 දෙනෙකු IZ 640 දරණ විශේෂ ගුවන් යානය මගින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර, මීට පෙර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වන අතර, මෙම පිරිසත් සමග ශ්‍රි ලාංකිකයින් 361 දෙනෙකුට ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී අති බව සඳහන් වේ.

ඊශ්‍රායලය බලා පිටත්ව යන මෙම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, ඊට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, සුබපැතුම් එක් කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ, තමන් මෙම රැකියාවෙන් උපයා ගන්නා මුදල් මගින් තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීම සිදුවන අතරම, නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඔවුන් ඊශ්‍රායලයේදී, ලංකාවේ නිල නොලත් තානාපතිවරුන් වන බැවින් සෑම විටම රටේ කීර්තිනාමය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසයි.

තවද, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටින්නේ, එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...