අවශ්‍ය සියළු අංශ දැනුවත් කර පසුවිපරමට අවශ්‍ය පියවර ගන්නවා – රමේෂ් පතිරණ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.

මෙරට වත්මන් සෞඛ්‍ය තත්ත්වය, නව කොවිඩ් ප්‍රභේදය, ඩෙංගු රෝගය සහ දිස්ත්‍රික්ක 09 කින් පමණ රෝගීන් වාර්තා වන සරම්ප රෝගය පිළිබදව ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබදව දැනුවත්භාවය ලබාදීමට මෙම මාධ්‍ය හමුව කැද වූ බව , මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය,

දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග වැඩිපුර ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්ව වල සහයෝගය ඇතිව මදුරු මර්දනය, පාලනය සහ රෝගී ජිවිත බේරා ගැනීමේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙල රැසක් පසුගිය කාලය පුරා අණ්ඩව ක්‍රියාත්මක කළ බවද කියා සිටියේය.

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ අඩුවක් මෙම වසරේ පෙන්නුම් කරන බවත්, මේ වසරේ ඩෙංගු රෝගී මරණ 50 ක් පමණක් වාර්තා වන බව ද පැවැසීය. ඩෙංගු මදුරු මර්දනය සදහා සියළු පාර්ශ්ව එක්ව කටයුතු කිරිම තුලින් දීර්ඝකාලීනව රෝගය මර්දනය කළ හැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලය තුල පැතිර ගිය උණ රෝගය හේතුවෙන් පැතිරයන කොවිඩි නව ප්‍රභේදයක් පිළිබදවත්, එම නව ප්‍රභේදය ලංකාවට ඇතුලත් වීමේ තර්ජනය සහ රෝගී තත්ත්වය මෙරට තුල පැතිර යනවා ද යන්න පිළිබදව ගැටළුව පිළිබදව කථා බහක් ඇති වූ බව ද පැවැසිය. වර්තමානයේ ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියළු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත්, දැනට එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...