පිරිමි ජය යුද හමුදාවට,කාන්තා ජය නාවික හමුදාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ කාන්තා සහ පිරිමි දෙ’අංශයෙන්ම පනාගොඩදී ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ගැටුණා.එහිදී පිරිමි අංශයෙන් යුද හමුදාව ලකුණු 29 – 14 ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ තරඟයේදී නාවික හමුදා කණ්ඩායම 29 – 7 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

යුද හමුදා පිරිමි කණ්ඩායම සහ නාවික හමුදා පිරිමි කණ්ඩායම අතර තරගයේදී යුද හමුදාව වෙනුවෙන් අශේන් බණ්ඩාර,දිල්ශාර කෝදාගොඩ,ලහිරු රත්නායක,ලසන්ත කුමාර සහ නාලන් ප්‍රේමරත්න උත්සාහක දිණුම් මඟින් ලකුණු වාර්තා කළ අතර අශේන් බණ්ඩාර එම උත්සාහක දිණුම් දෙකකම ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට සමත් වුණා.නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් වාර්තා කරන්නට සමත් වුණේ ලහිරු හේරත් සහ දිමුත් පෙරේරා යි.එම උත්සාහක දිණුම් දෙකේ ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට අනුශ්ක රමේශ් සහ ඉසුරු කෝන්ගහවත්ත සමත් වුණා.

කාන්තා තරගයෙදී නාවික හසුදා ජය වෙනුවෙන් කැපී පෙණුන දස්කම් දැක් වූ සන්දිකා හේමකුමාරි උත්සාහක දිණුම් තුනක් වාර්තා කරන්නට සමත් වුණා.ජයන්ති කුමාරි සිල්රුක්ෂි,ඩිලානි පොල්ටේවගේ සහ ජයමාලි සමන්තා ද එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට සමත් වූ අතර රන්දිකා කුමුදුමාලි එම උත්සාහක දිණුමක් සාර්ථකව ප්‍රවර්ථනය කරමින් ලකුණු සටහන 32 දක්වා ඔසවා තබන්නට දායක වුණා.යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම වාර්තා කරන්නට උමයංගනා තත්සරණි සමත් වුණා.එහි ප්‍රවර්ථනය සාර්ථාක කර ගන්නට ලියනගේ චරනී සමත් වුණා.

දෙසැම්බර් 29 වන දා නිමාව දුටු තවත් තරගයක් වූයේ සීආර් ඇන්ඩ් එෆ්සී සහ සීඑච් ඇන්ඩ් එෆ්සී අතර තරගයයි.එහිදී පාර පැන ලොන්ඩන් පෙදෙසට පැමිණි සීඑච් ක්‍රීඩකයන්ට සත්කාරක සීආර් ක්‍රීඩකයින් අත් කර දුන්නේ ලකුණු 28 – 23 ක් පරාජයක්.උත්සාහක දිණුම් හතරක්,දඩුවම් පහර දෙකක් සහ එක් ප්‍රවර්ථනයක් මඟින් සීආර් ක්‍රීඩකයින් ලකුණු 28 රැස් කරන්නට සමත් වුණා.අචිත රදීශාන්,ලසිඳු කරුණාතිලක,මනිල්ක සුලක්ෂණ රුබේරු සහ රැන්ඩි සිල්වා උත්සාහක දිණුම් වාර්තා කළ අතර තේනුක නානායක්කාර ඉන් එක් දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් සහ දඩුවම් පහර දෙකක් නිසි ඉලක්කයට යොමු කරමින් ලකුණු 28 ට සම්මාදම් වුණා.

සීඑච් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් ලක්ෂාන් සහ ප්‍රභාත් මධුශංත විසින් ලබා ගත් උත්සාහක දිණුම් දෙකම සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට හිරුෂ නෙත්මිණ සමත් වුණා.හිරුෂ එපමණකින් නොනැවතී සඩුවම් පහර තුනක්ම නිසි එල්ලයට යොමු කරමින් සීඑච් කණ්ඩායම රැස් කළ ලකුණු 23 න් 13 ක් ම ලබා දෙන්නට දායක වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ලංකාව අසීරු අඩියක

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

වෙල්පල්ලෙ සැරසිල්ල – නෙත්මිව දිනන්න පුළුවන් වෙන්න රකින්න

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: රටක් නියෝජනය කරන්න එකම...