සේවක අර්ථ සාධක අරමුදලට බදු පැනවීමේ රජයේ උත්සාහය අපි පරාජය කළා – සජිත් (VIDEO)

0
118

මෙරට ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ “සේවක අර්ථසාධක අරමුදල” ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීම සඳහා රජය දැරූ උත්සාහය පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගයට හැකිවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම උත්සාහයට එරෙහිව අධිකරණය හමුවට ගියේ සමගි ජන බලවේගය පමණක් බව පැවසූ ඒ මහතා රජයට වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපතිවරයා අදාළ බදු පනත සංශෝධනය කරමින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් එයින් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය.

ඒ අනුව මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (02) තිස්සමහාරාම උඩමත්තල ප්‍රදේශයේ ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු ගැන විමසූ සාකච්ඡාවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here