*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පුරාතන සහ නූතන ඔලිම්පික් සමඟ බැඳි සටන් විරාම ගිවිසුම්

ඔලිම්පික් වන්දනාවකි.පුරාතන ඔලම්පික් දිග හැරුම සිඳුවන්නේ එතැනින්ය.අපුර්ව කායමය ශක්තීන් හී ප්‍රභාවන් දේව පිදුමකට යෙදවීම මෙන්ම ඒ සුවිශේෂි කාය ශක්තීන් ඇගයීම ඔලිම්පික් වන්දනාවේ පරමාර්ථය වේ.ඒ කාල සමයට ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඒ ඇගයීම වන්දනා කිරීමට මහා පිරිස් ඔලිම්පියාඩ් වෙත එක් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

මේ එක්වීම යනු යම් කිසි අන්දමක දේව වන්දනා සඳහා අපේ සමාජය තුළ පැවසෙන් පේ වීමකි.එකල් හී බලය සම්බන්ධ මහජන මතය විමසීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නොතිබි අතර එය ශක්තිවන්තයාගේ ජයග්‍රහණය මත පදනම්ව තිබුණු එකකි.ඒ ශක්තිය යනු හුදෙක් කාය ශක්තියම නොවූ,උපක්‍රමිකත්වය පදනම් කරගෙන ක්‍රියාවට නැංවුණ වඩාත් සැළසුම් සහිත ශක්තිය විසින් බලය අත්පත් කර ගැනීමයි.මේ බලය වෙනුවෙන් වෙනුවෙන් පැවති නිරන්තර ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පීඩාවන් ඔලිම්පියාඩි ක්‍රීඩා මංගල්ලයට නොපැමිණෙනු පිණිස ක්‍රිස්තු පූර්ව නවවන සියවසේ පමණ ප්‍රාදේශිය රජවරුන් තිදෙනෙක් ඇති කරගත් ගිවිසුම එක්චේරියා යන්න සටන් විරාම ගිවිසුමකි.ග්‍රීක් මිත්‍යා කතාවල එන සටන් විරාමය සහ සාමය හඳුන්වන වදනක්ද වන එක්චේරියා යන ග්‍රීක් වචනය පදනම් කරගෙන මේ සටන් විරාමය ඳහා ගිවිසුම් ගත් වූවේ එලිස්හි ඉෆිටෝස්, පීසාහි ක්ලියෝස්තනීස් සහ ස්පාටාවේ ලයිකර්ගස් යන පාලකයන්ය.ඔවුන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇත්තේ ඔවුන්ගේ පාලන පෙදෙස් ය.

මෙම ගිවිසුම පූජණීය වූයේ ඔලිම්පියාඩ් හී පැවති කායික ශක්ති ප්‍රදර්ශණය හෙවත් පුරාණ ඔලිම්පික් ක්‍රීඩා මංගල්ලය වන්දනාමාන කිරීම සඳහා එන නරඹන්නන් හේතුවෙන්ය.ඔවුන් නරඹන්නන් නොවන වන්දනාකරුවන් සේ ඉතිහාසයේ හැඳීන්වෙන්නේ සහභාගීත්වයේ අරමුණේ පැවති භක්තියේ ස්වභාවය නිසා විය යුතුය.ඒ නිසා ඒ පූජා සමය දෙවියන් පිනවන මංගල්ල සමයක ලෙස සළකා දෙවියන්ට ගෞරව පිණීස විවිධ ප1දේශවලින් සාමකාමීය ඔලිම්පියාඩි වෙත පිවිසෙන්නට සහ පිටවෙන්නට හැකි ලෙස හඳුනාගත් කාලයක් එක්චේරියා ගිවිසුම හෙවත් සටන් විරාම ගිවිසුම අවංකව ක්‍රියාවට නංවා ඇත.

නූතණ ඔලිම්පික් ඇරඹි විට ද බලය සම්බන්ධ පාලකයාගේ සිතුම් පැතුම් සමහර විට ඉතිහාසයටත් වඩා ම්ලේච්ඡ ආකාරයට ක්‍රියාත්මක වීම ද අරුමයක් නොවේය.පළමු ලෝක යුද්ධයේදී මෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ද ඔලිමිපික් දොරටු වැසී ගියේය.දේශපාලන ප්‍රවාහයන් පුළුල් සහ දියුණු විය.එසේම මහ ජනතාවවට ස්වීය පාලකයා සම්ප්‍රදායික රාජ්‍ය නායකයා පත්වන ස්වභාවයෙන් එපිටට ගොස් සිය කැමත්ත අනුව පත් කර ගැනීමට හැකි ඉඩ ද පුළුල් විය.එහෙත් ලෝකය ගත්තද රටක් ගත්තද බොහෝ තැන්වල බලය පවකින්නේ ජනතා උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක විමටද යන්න අදටත් පැනයකි.

එවැනි වපසරියක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නැවත මේ දේශපාලන බලයේ ක්‍රීඩාව ගිලී යාමට ඇති ඉඩ වැසීමට ජාත්‍යන්තර එකඟතාවයකට ඒමේ වැදගත්කම කල්පනා කළේය.ඒ පුරාණ ඔලිම්පික් හී එන “එක්චේරියා” නම් සංකල්පය මත පිහිටා සාමය වෙනුවෙන් සටන් විරාම ගිවිස ගැනීමේ අවශ්‍යයතාවය සහතික කරමින්ය.ක්‍රීඩාව පවතින ගෝලීය සන්දර්භය සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇති කරන ලද මෙම සංකල්පයේ අපේක්ෂා විශාල ප්‍රමානයක් රැඳී තිබිණ.

ඔලිම්පික් පරමාදර්ශ ප්‍රවර්ධනය සඳහා තරුණයින් බලමුලු ගැන්වීම මෙන්ම .ගැටුම් ඇති ප්‍රජාවන් අතර සම්බන්ධතා තර කිරීමට ක්‍රීඩාව යොදා ගැනීම ද 1993 දී නැවත සටන් විරාම සමඟ ඔලිම්පික් ක්‍රීඩාව බද්ධ කිරිමේදි විශේෂ තැනක් ගෙන ඇත.එමෙන්ම එක්සත් ජාතින්ගේ මහා සභාවද මේ කාර්යය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට විශේෂ සැළකිල්ලක් දක්වා අගයා තිබෙන අතර එහි ප්‍රඥප්තින්වලට ද මේ සාමය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගෙන යන ක්‍රියාමාර්ග එකඟය.

“සාමකාමීව තරග කරන ආකාරය ඔලිම්පික් ක්‍රීඩාවලින් ලෝකයට පෙන්වා දෙනවා. අපගේ සියලු වෙනස්කම් තිබියදීත්, මානව වර්ගයාට සාමයෙන්, ගෞරවයෙන් සහ සහජීවනයෙන් එකට ජීවත් විය හැකි බව ක්‍රීඩාව අපට පෙන්වා දෙනවා” යනුවෙන් ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් පවසනවා.

ඒ අනුව මේ එක්චේරියා පදනමෙන් සැකසි සටන් විරාමය ඔලිම්පික් ක්‍රීඩා කාල සීමාවෙන් ඔබ්බට විහිදෙන අතර ජාතික ඔලිම්පික් කමිටු හරහා “සාමය සඳහා ක්‍රීඩා” ක්‍රියාකාරකම් මාලාවක් සේ ඒ හරහා සක්ස කරන සංහඳියාව සහ සංවාදය සඳහා වන කව්ළුව ලෝකයම එකඟ වෙන සාමය සම්බන්ධ ප්‍රමිතිගත ක්‍රියාවලියක් හැටියට ගැනෙනවා.

පවතින නව දේශපාලන යථාර්තයන් හමුවේ මිනිස් ජීවිතවල යම් සුරක්ෂිතභාවයක් සඳහා මෙන්ම අනෙකා සම්බන්ධයෙන් මානවීය හැඟීමක් ඇති කිරීමට ද මේ ඔලිම්පික් ගිවිසුම තුළින් යම් උද්දීපනයක් ඇති කරන්නට හැකියාව ඇත. යුද්ධ සහ එදිරිවාදිකම් වලින් පීඩා විඳින ලෝකයක සාම්ප්‍රදායික ඔලිම්පික් දැල්ල පසුබිමේ සාමයේ පරෙවියා දක්වමින් ලෝක සාමයට ඇති අවශ්‍යයතාවය පෙන්නුම් කරයි.හැම රටකටම ඔලිම්පික් කමිටුවලට ඒ රටවල අභ්‍යන්තරික දේශපාලනයේ හැඩ රුවට අදාළ වූ බෙදීම් අභිබවා ගිය සමස්ත මානව ප්‍රජාවගේ තිරසාර බැදීමක්,එකඟතාවයන් සහ සාමයක් සඳහා වූ බැඳීමක් පෙන්නුම් කරයි.යම් රටක ඔලිම්පික් සංගමය යනු එරට රාජ්‍ය දේශපාලනයට එපිටින් වන ලෝකයට පොදු සම්මුතීන් සහ එකඟතාවයන් සමඟ බැඳී ක්‍රියා කරන්නට වන ස්වෙච්ඡා ක්‍රියාකාරීත්වයක් සහිත සංගමයක් නැත්නම් ආයතනික ව්‍යහුයක්ය.එය රාජ්‍ය විසින් ඔවුන් බැඳී සිටින ජාත්‍යන්තර ප්‍රඥප්ති ඇසුරෙන් බැඳී සිටින කාරණාවලට අනුව එහි ස්වාධීන හැසිරීමට ඇති ඉඩ සැළකිල්ලට ගත යුතුය.

උදාහරණයකට මේ මොහොතේ රාජ්‍යයක් හැටියට කෙතරම් බලගතු වුව ද රුසියාවට ඔලිම්පික් උළෙලකට සිය රටේ ධජය සමඟ පිවිසෙන්නට නොහැකිය.රුසියාව සැළසුම් සහගතව ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන් තහනම් උත්තේජක භාවිතා කර තිබෙන බවට සනාත වීමෙන් ඉනික්බිති ඔවුන් ඒ සම්බන්ධයෙන් පිළිගැනීමට සහ සමාව ගැනීමට නොගියේය.එහි ප්‍රතිපලයක් ලෙස රුසියාවට ඔලිම්පික් තහනමක් පැනවී ඇති අතර එරට ඔලිම්පික් කමිටුවට එරට ක්‍රියාත්මක සමස්ත් ඔලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් සිය ධජය යටතේ ක්‍රීඩකයින් ඉදිරිපත් කරන්නට අවසර දී ඇත.ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවක් යනු එරට දේශපාලනයේ ශාඛා සමිතියක් නොවන ස්වාධින තවත් රජ්‍යයක් මෙන් ක්‍රියා කිරීමේ බොහෝ අවස්ථාවන් හිමි පරිපාලන ව්‍යහුයක් සහිත ඒකකයකි.එය ලෝකයක් ලෙස එක්ව ක්‍රියා මාර්ග ගනිද්දි ඒවා යම් අඳූරදර්ශී පාලනයන් ක්‍රියාත්මක රාජ්‍යයන්ට ද බෙහෙවින් බලපාන්නේය.රාජ්‍යයේ හැසිරීම ලෝකය පිළි නොගන්නා මට්ටමක පවතීනම් එම රාජ්‍යය සමඟ ක්‍රියා නොකර ඒ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට ඔලිම්පික් කමිටුව සමඟ වැඩ කරන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවස්ථාව ඇත.එහෙත් රාජ්‍ය ක්‍රියා මාර්ග දිගින් දිගටම අසමත්නම් සහ අමානුෂිකනම් සහ මානව හිමිකම් පිටු දකින සුළුනම් ඒ රට සමඟම එම රටේ ක්‍රීඩාවට ඔලිම්පික් ධජය යටතේ තරඟ වැදීමද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට තහනම් කරන්නට හැකියාව ඇත.

මේ මොහොතේදී රුසියාව කරනු ලබන යුක්රේනයට පහර එල්ල කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තීරණ ක්‍රියාවට නැඟෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එකඟතාවයකට පත් සටන් විරාම ක්‍රියාවන් නොතකා රුසියාව කටයුතු කරන නිසාය.ඒ තීරණය සහ ප්‍රකාශයන් සමඟ අනෙකුත් ඔලිම්පික් ක්‍රීඩා පරිපාලන හරහා ද ඒ ඒ රටවල් ඔලිම්පික් කමිටු හරහා ද රුසියාවට එල්ලවෙන විරෝධය සුළු නැත.ඒ විරෝධයෙන් බැඳෙන වැට රුසියාවට සිය දේශයේ සිට යුද වදින්නට සහය දෙන බෙලරසුයිව දක්වා ද මේ වන විට පැතිර ඇති අතර ඉදිරියේදී රුසියාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයන් සෑම එකකටම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විරෝධය සහ දඬුවම් හිමි වනු ඇත.

මෙම සටන විරාම ගිවිසුම රුසියාව විසින් කඩ කරමින් ක්‍රියාත්මක විම මෙහිදි වැඩත්ම රුසියාවට වඩාත්ම නරක තත්ත්වයක් උද්ගත කරනවා ඇත.ශිත සෘතු ඔලිම්පික් සහ ශිත සෘතු පැරා ඔලිම්පික් සාමාන්‍යයෙන් එක දිගට ක්‍රියාත්මක වන්නේය.මේ දිනවල චීනයේ බීජීං හී පැරා ඔලිම්පික් ක්‍රියාවට නැඟෙමින් ඇත.සටන් විරාම ඔලිම්පික් ගිවිසුම හරහා රුසියාව සටින්නේ ඒ ගිවිසුම නොසළකා හැර ක්‍රියාත්මක වෙමින්ය.

පෙබරවාර් 4 වන දා ශීත සෘතු ඔලිම්පික් උළෙලආරම්භ වීමට දින හතකට පෙර මේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික රටවල් බැඳී සිටින්නේය.එමෙන්ම ශීත සෘතු පැරා ඔලිම්පික් තරඟ මාර්තු 13 වන දා නිමා වී තවත් දින හතක් ගෙවෙන තුරු ඔලිම්පික් සාමාජික රටවල් මෙම ගිවිසුම සුරැකිය යුතුය.මේ මොහොතේ රුසියාව සිටින්නේ එම නිශ්චිත ගිවිසුම් කාලයට පටහැනිව යමින් ක්‍රියා කරමින්ය.ඒ නිසා ලෝකය රුසියාවට මෙහෙම විරුද්ධ වුණාට කියා ඔබ අන් රටවල් ගැන ලේඛණය දිග හරින්නට ප්‍රථම රුසියාව මේ ගිවිසුම් කඩ කරමින් යුද වඳීමින් සිටින බව අවබෝධ කර ගත යුතුය.ලෝකයම මේ එරෙහිවන්නේ රුසියාව කියන රාජ්‍යයට නොවේය.බෙලරුසියා කියන රටට නොවේය.එහි දේශපාලනය ක්‍රීඩාවට අදාළ නැත.ක්‍රීඩාවේ වංචනිකයන්ට ඳඬුවම් දේ.එය සාමාන්‍ය ස්වභාවයකි.නැතිනම් පරාජය භාරගත යුතුවේ.රුසියාව යනු ඔලිම්පික් ගිවිසුමට අනුව මේ මොහොතේ සිටින්නේ ඔලිම්පික් ගිවිසුම උල්ලංඝණය කරමින් අනීතික ක්‍රියාවක යෙදෙමින්ය.නීතියට අනුව වැඩ නොකරන කෙනෙක් දඩුවමකට යටත්වීම සාමාන්‍ය ස්වභාවය වන්නේය.

ඉතිහාසයේ සිටම වන්දනීය සේ මිනිස් ක්‍රියාකාරකම් හී ස්වභාවයේ විචිත්‍රත්වය ඇගයීම ඔලිම්පික් හී කාර්යභාරය වේ.ඒවා නිසි සේ පවත්වා ගැනීම සහ සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් හෙටත් මනුස්සකම බලයේ උවමනාවන් වෙනුවෙන් බෙදා වෙන් කරන්නට සහ අනෙකාව බලහත්කාරයෙන් බලපෑමෙන් යටත් කර ගැනීමට ඔලිම්පික් එකඟ නොවේ.රුසියාවට එරෙහිව ලෝකයේ ශක්තිවන්තම සහ ජවසම්පන්නම විචිත්‍රවත් හැකියාවන් සහිත ශරීර ඇති මිනිස්සු පෙළ ගැසෙමින් තිබෙන මොහොත  හෙට විචිත්‍රවත් ලෝකයක අපේක්ෂාවන් සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කිරීමකි.ක්‍රීඩාව යනු තව දුරටත් සෙල්ලමක් නොවන දේශපාලනයක් සහ සමාජමය ක්‍රියාකාරකමක් බව ලෝකයට අවබෝධ කර ගැනීමට මං විවර කරන්නකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan