*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දින 14 කදී  යුක්තිය ඉටු වූ හැටි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යුක්තිය විශේෂ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය වල වෙළෙදපල වටිනාකම මිලියන 858ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තහනමට ගත් දේපල වටිනාකම මිලියන 558.5කි. මත්ද්‍රව්‍ය පිලිබදව මහජනතාව තොරතුරු ලබා දුන් ඇමතුම් සංඛ්‍යාව 10798කි.

2023.12.17 දින සිට 2023.12.31 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්තිය” මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී පහත පරිදි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 11kg 600g
අයිස් 08kg 378g
ගංජා  297kg 8 g
ගංජා පැල 2,110,500
මාවා 119kg 600g
ඈෂ් 35kg 800g
හෂීෂ් 01kg 70g
තූල් 03kg 700g
කුෂ් 555g
මත්පෙති 72,272

මෙම මෙහෙයුම් වලදී මුලු සැකකරුවන් 20797 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 1018 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත .

එසේම, සැකකරුවන් 189 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1298 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4584 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1625 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය වල මුලු වෙළදපල වටිනාකම මිලියන 858කට අධික බවට අනාවරණය වී ඇත.

එසේම, මෙම මෙහෙයුමට සමගාමීව දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තහනමට ගෙන ඇති වාහන, නිවාස ඇතුලු දේපල වල මුලු වෙළදපල වටිනාකම මිලියන 558.5 කට අධික බවට අනාවරණය වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan