ජාතික රෝහලේ අනපේක්ෂිත මරණය: රෝහල වගකීමෙන් නිදහස් වෙන්න හදනවාද?

Date:

කොළඹ LNW:කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය වී ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා සිදුකරන සත්කාර සේවයේදී කාබන්ඩයොක්‌සයිඩ් ශරීර ගතවීම හේතුවෙන් සිදු වූ අනපේක්ෂිත මරණයක් සිදුව තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම වාර්තාවේ සටහන් කර ඇත්තේ මරණයට හේතුව ඔක්සිජන් අඩුවීම (Respiratory Hypoxia) යන්න වන නමුත් එය රෝහලේදී සිදුවූ අනපේක්ෂිත හෝ අසාමාන්‍ය සිදුවීමක් යන්න දක්වා නැති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් තිබුණේ පියයුරු ආශ්‍රිත ශල්‍යකර්මයක් සඳහා රෝහලේ නේවාසිකව සිටි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි, හැට එක් වියැති අවිවාහක කාන්තාවක් වන අතර ඇය වෙට්රි රිසර්ච් ආයතනයේ (Verité Research) විධායක අධ්‍යක්ෂවරියක් බව සඳහන්.

මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල රිමාන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (31) දින සිදුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...