ජනප්‍රිය වීමට සුරංගනා කතා කියා ජනතාව ඉදිරියට ගියද සැබෑ යථාර්ථය මෙය නොවේ – සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): වැට් බදු සංශෝධනයත් සමඟ රජයට හිමිවිය යුතු ආදායම කූට ව්‍යාපාරිකයන්ගේ ලාභයක් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හා යන්ත්‍රණයක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2022 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 70 ඉක්මවූ උද්ධමනය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 80කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලහි අගය, විදේශ නිල සංචිතය ඉහළ නංවා ගැනීම ඇතුළු ආර්ථික ස්ථායීකරණ තත්ත්වයන් සිදු වීමට රජය ඉතා අසීරුවෙන් ගතවූ මාස 22ක කාලය තුළ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හා ගනු ලැබූ තීරණ බලපෑ බව ද සේමසිංහ මහතා විස්තර කළේය. එවැනි අසීරුවෙන් ක්‍රියාත්මක කළ තීරණ නිසා කෙටි කාලීනව පොදු මහජනතාවට පීඩාවත් එල්ල වුව ද මැදි හා දීර්ඝ කාලීනව රටේ ආර්ථිකය ස්ථායී තත්ත්වයකට ළඟාවීමෙන් සහන හිමිවනු ඇතැයි ද ඔහු කීය.

ජනප්‍රිය වීමට සුරංගනා කතා කියා ජනතාව ඉදිරියට ගියද සැබෑ යථාර්ථය එය නොවන බව පෙන්වා දුන් රාජ්‍ය ඇමැතිවරයා, දුෂ්කරතා හා දුෂ්කර කාලයේ කැපවීමෙන් කටයුතු කොට එම කාලය පසුකිරීමට සැවොම රජයට සහාය ලබා දී ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

වැට් බදු සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන බදු ආදායම, නිසි ලෙස රජයට අයවීම අනිවාර්යයෙන්ම සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන රජයේ යන්ත්‍රණය ශක්තිමත්ව මෙහෙයවීම හා ඊට අවශ්‍ය පරිපූර්ණ නීති-රීති හඳුන්වාදීම රජයක් ලෙස තමන් ඉටු කරන බව කීවේය,

සෑම විටම භාණ්ඩ හා සේවාවල මිල වැඩිකොට, ඊට වැට් බදු සංශෝධනය හේතු වූවා යැයි කියා මහජනතාවගේ මුදල් අවභාවිතයට කිසිම අයකුට ඉඩක් නොතබන ලෙසත්, රජයට නිසි ලෙස බදු මුදල් අය කර ගැනීමට හැකිවන ලෙසත් නව වැඩපිළිවෙළක් නව වසරේ ක්‍රියාත්මක කරන බව ද සේමසිංහ මහතා කියා සිටියේය.

රජය සිදු කළ වැට් බදු සංශෝධනයෙන් උද්ධමනය දැනට පවතින අගයට වඩා සියයට දෙකක් (2%) සියයට දෙකයි දශම පහක් (2.5%) අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. දැනට උද්ධමනය සියයට පහ (5%) මට්ටමේ පවත්වා ගෙන යෑමට අප කටයුතු කොට තිබෙනවා. මේ අභියෝගාත්මක කාලයේ පවා අප උපරිම උත්සාහ දරනුයේ පීඩාවට පත්වන අයට සහන අවශ්‍ය පිරිස්වලට සහන ලබාදීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

වසර 2022 දී සියයට 10කින් හැකිළුණු ආර්ථික වර්ධන වේගය, වසර 2023 දී සියයට 3 මට්ටමට අඩුකර ගැනීමට හැකිවනු ඇත. වසර 2024 දී අපේ රටේ ආර්ථිකය සියයට 1.8කින් ධන ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇත. දැනටමත් 2023 තුන්වැනි හා හතර වැනි කාර්තුවල ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අප ඇතිකරගත් එකඟතාවට අනුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථායී මට්ටමකට ළඟාවී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් වීම ඉදිරියේ දී සිදු වෙනවා. අපිට බංකොලොත් ආර්ථිකයක් යන ලේබලයෙන් මිදීමට ඉක්මනින් හැකිවෙනවා. ඒ සඳහා අප විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා” යැයිද කිවේය.

කොළඹ, කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (01) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...