වියත්මගේ 50කට විතර නාමයෝජනා දුන්නා නම් වෙනසක් කරන්න තිබුණා. දුන්නෙ නෑනෙ – ගොඩහේවා

Date:

පසුගිය මහමැතිවරණයේදී නාමයෝජනා ලැබුණේ වියත්මග සංවිධානයේ නියෝජිතයින් 9 දෙනෙකුට පමණක් බවත් 50 දෙනෙකුට පමණ නාමයෝජනා ලබාදුන්නේ නම් මීට වඩා වෙනසක් කළ හැකිව තිබුණු බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

“දැන් හැමදේටම කියනවා වියත්මග කියලා. ඕනෙම මිනිහෙක් වැඩක් අනනවා නම් කියනවා වියත්මග කියලා. පහුගිය කාලෙ කවුරුහරි කෙනෙක් මොනවාහරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත් එයාට වියත්මගේ කියනවා. ටයි එකක් දාගෙන ඉන්න හැමෝම වියත්මග ලු. පාර්ලිමේන්තුවේ අර මන්ත්‍රීවරයෙක් මොනවාහරි වරදක් කළාම එයාට වියත්මග කියනවා.

පාර්ලිමේන්තුවේ කීදෙනාද ඉන්නෙ වියත්මගේ ? වියත්මගෙන් නාමයෝජනා හම්බුණේ 9 දෙනෙකුට විතරයි. පාර්ලිමේන්තුවේ ආසන 225කට අපට නාමයෝජනා දෙනකොට වියත්මගට දුන්නේ 9 යි. ඊට වඩා දුන්නෙ නෑ. ඒක තමා ඇත්ත කතාව. ඒ නවයෙන් අටක් දින්නා කෙළින්ම අපි. නාමයෝජනා 50කට දුන්නා නම් 45ක් විතර දිනනවා. දුන්නෙ නෑනෙ. දුන්නෙ 9කට විතරයි. ඒ හින්දා 8ක් දිනලා පාර්ලිමේන්තුවට ආවා, එක්කෙනෙක්වත් කැබිනට් එකේ නෑ, රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එච්චරයි වියත්මගේ කියලා ඉන්නෙ.

සමහරවිට වියත්මගට දුන්නා නම් ඔයිට වැඩිය වෙනස් එකක් වෙන්න තිබුණා. දුන්නෙ නෑ. ඒක තමයි යතාර්ථය. ඊළඟට සංස්ථා සභාපතිවරු ඔක්කොම වියත්මගේ වගේ කතා කරන්නෙ. සංස්ථා සභාපතිවරු ඉන්නවා 200ක් මේ රටේ. ඒ 200න් වියත්මගේ හිටියෙ 25 යි. අටෙන් එකයි. ඊ 25නුත් දැන් 5ක් විතර අස්වෙලා. මොනවාහරි රාජ්‍ය ආයතනයක කවුරුහරි වරදක් කළාම එයා වියත්මග කියන එක හරිද ?”

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ පසුගියදා දොම්පේ ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...