අදින් ඇරඹෙන අ.පො.ස උසස් පෙළ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): දිවයින පුරා මධ්‍යස්ථාන 2302කදී, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වන අතර එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පාසල් අයදුම්කරුවන් 281,445ක් පෙනී සිටින අතර පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් විභාගය සඳහා පෙනී සිටින බව සඳහන් වේ.

විභාග කොමසාරිස්වරයා පැවසුවේ, පවතින වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි ආපදා තත්ත්වයන් වාර්තා වුවත් එම ප්‍රදේශවල දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නිලධාරීන් සැලසුම් යොදා ඇති බවයි,

වැඩිදුරටත් විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, එමෙන්ම ආපදා තත්ත්වයන් පවතින විභාග මධ්‍යස්ථානවලට යෑමට නොහැකි අපේක්ෂකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ ඔවුන්ට පහසු විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සැලසුම් යොදා ඇති බවයි,

සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය අමතා දැනුම් දියහැකි බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...