ආදරණීය මතකයක කොටස්කාරිනියක් වූ Francoise Bornet මතකයක්ම වෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැරීසියේ හෙවත් ආදරවන්තයන්ගේ නඟරයෙහි පාරේ සිපගත් පෙම්වතුන් යුවළකගේ ඡායාරූපයක් එවකට ජනප්‍රියත්වයට පත් වූයේ ආදරයේ සංකේතයක් ලෙසිනි. එහි සිටි කාන්තාව 93 වන විය පසු කරමින් සිටි මොහොතක තම ජීවිතයට සමු දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Francoise Bornet යනු 1950 දී ඡායාරූප ශිල්පී Robert Doisneau විසින් ගන්නා ලද The Kiss by the Hotel de Ville හි දුටු තරුණ යුවළගෙන් එක් අයෙකි.

1980 ගණන් වලදී මෙම යුවළ පැරීසියේ වීදියක සිපගත් කළු-සුදු පින්තූරය විශාල වාණිජමය සාර්ථකත්වයක් බවට පත් විය.

කෙසේ වෙතත්, වෙනත් ජෝඩු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් බව ප්‍රකාශ කිරීමෙන් පසුව එය නීතිමය ආරවුලක් ද ඇති කිරීමට තුඩුදුන් කරුණක් විය.

1980 ගණන්වල විශාල වාණිජමය ජනප්‍රියත්වයක් බවට පත්වීමෙන් පසුව එම ඡායාරූපය , ලොව පුරා ආදරවන්තයින්ගේ නිදන කාමරවල දක්නට ලැබෙන පෝස්ටර් මත ද දැක ගැනීමට හැකි විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අක්මීමන වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (ජුනි...

සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි...

බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය...

කොළඹ දකුණ සහ මහනුවර අපරාජිතව පෙරට – පුලීෂගෙන් ශතක යුගලයක්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: වයස අවුරුදු 19 න්...