පූල් එකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා.අදාළ කෙනා වෙලාවට එළියට දෙන්නම් – නාමල්

කොළඹ LNW: වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සිය අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කර අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨයෝ,තරුණයෝ,සිංහයෝ,පැටව්,ව්‍යාපාරිකයෝ,ව්‍යවසයකයෝ ලෙස විකල්ප ඇති තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (04) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ අවශ්‍යතාව මත ඉන් කෙනෙක් තෝරාගන්නා බවයි රාජපක්ෂ මන්ත්‍රීවරයා කියාසිටියේ.

පක්ෂයක් ලෙස පක්ෂයේ ප්‍රතිපත්තිවලට යටත්ව රටේ, ජනතාවගේ මෙන්ම පාක්ෂිකයාගේ අවශ්‍යතාව මත එම තෝරා ගැනීම සිදුකරන අතර ගෝලීය දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාවද එම අපේක්ෂකයාට තිබිය යුතු වන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

එම සියලු අවශ්‍යතා සලකා බලා පක්ෂයක් ලෙස ගොඩනගන බලවේගයට එම අපේක්ෂකයාට නායකත්වය දීමට සිදුවන බවද හෙතෙම පපැහැදිලි කළේය.

”දේශපාලන පක්ෂවලට ඉතාම තීරණාත්මක වසරක්. ප්‍රධාන මැතිවරණ සියල්ලම වගේ තියයි කියල විශ්වාස කරනවා. අයවැය දිහා බැලුවහම නම් මුදල් වෙන් කරලා තියෙන්නේ එක මැතිවරණයකට විතරයි. කෙසේවෙතත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයකට යා යුතුයි. අපේ ප්‍රතිපත්ති ගමට, රටට දැනුවත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. ජනාධිපතිට බලය තිබෙනවා අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒ තීන්දුව අතිගරු ජනාධිපතිතුමා ගන්න ඕනේ. ප්‍රාදේශීය සභා ජන්දේ තියන්නත් සල්ලි නැහැ කිව්වා. ඉතින් පාර්ලිමේන්තු ජන්දේ තියන්න සල්ලි තියෙනවද දන්නේ නැහැ. හැබැයි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක මැතිවරණයකට යන්න සූදානම්. ජනතාවගේ මතය පිළිගන්න අපි සුදානම් වෙන්න ඕනේ. ලංකාවේ තියා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක වුණත් මැතිවරණයක් දිනන්න පුළුවන් දවසක ජන්දේ තියන්න ඕනේ කියල නීතියක් නැහැ. නීතිය තමයි වෙලාවට ජන්දේ තියන්න ඕනේ. යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් අහවල් පක්ෂය දිනයි මේ වෙලාවේ ජන්දයක් තිබ්බොත් ඒහින්ද මේ වෙලාවේ ජන්දයක් තියන්න බැහැ කියල හිතුවොත් එහෙම දේශපාලනය කරන්න බැහැ. ජනතාවට අයිතිය, අවස්ථාව දෙන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාව මත කැමති නායකයෙක්, පක්ෂක් ආණ්ඩු බලයට ගේන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...