රමේශ් පතිරණ පත් කල කමිටුවේ වර්ථාව කෝ? – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රශ්න කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): ඔක්සිජන් වෙණුවට කාබන් ඩයයොක්සයිඩ් ලබා දීමේ අනතුරක අවධානමක් පවා ඇති වෙන්නේ යන්ත්‍ර නිසිලෙස නඩත්තු නොකිරීම නිසා බවත්, අදාල වෙන්ටිලේටර් යන්ත්‍රයේ පින් දර්ශක පද්ධතිය විකෘත්ති වූයේ කෙසේදැයි ගටලුවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා ඒ පිළිබඳ පවසන්නේ මෙවන් අදහසක්,

” ශ්‍රී ලංකා ජාතික රෝහල තුල රෝගියෙකු සඳහා ලබා දිය යුතු ඔක්සිජන් වායුව වෙනුවට, කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දීම හේතුවෙන් රෝගියෙකු මිය යෑම පිළිබඳ වාර්ථාව හෙද සංගමයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් එම ශල්‍යකර්මය අතර තුර ඔක්සිජන් සැපයුම නතර වූ බවත්, ඒ මොහොතේ සෞඛ්‍ය සහයයෙකු විසින් කාබන් ඩයොක්සයිඩ් ස්ලින්ඩරයක් අදාල සැපයුම වෙත සම්බන්ධ කිරීමට උත්සාහ කල බවත්, එය හෙද නිලධාරීන් විසින් වැලැක්වූ බැවින් එසේ සිදු නොවූ බවත් ඒ එම සංගමය ප්‍රකාශ කර ඇත.

ඒ අනූව සත්‍ය කුමක් වුවත් ඔක්සිජන් සැපයුම අඩාල වීම සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දිමට උත්සාහ කිරීමේ සිදුවීමක් සිදු වී ඇති බවත්, වරදක් සිදු වුවද රෝගියා වෙණුවෙන් සාක්ෂි දීමට ඉතිරිව සිටි රෝගයා මිය ගොස් ඇති බැවින් අපි එම ප්‍රකාශය සමග ගැටීමේ ප්‍රතිඵලයක් නැත.

නමුත් සෞඛ්‍ය සහයකයෙකුට එසේ උත්සාහ කිරීම පවා සිදු කිරීමටනම් අදාල යන්ත්‍රයෙහි පින් දර්ශක පද්ධතිය (Pin Index) කිසියම් විකෘත්තියකට ලක්ව තිබිය යුතුය.

පින් දර්ශක පද්ධතිය යනු වෛද්‍ය ගෑස් සිලින්ඩර නිවැරදිව උපකරණවලට සම්බන්ධ කර ඇති බව සහතික කිරීම සඳහා භාවිතා කරන ප්‍රමිතිගත පද්ධතියකි. ශල්‍යාගාරයක වාතාශ්‍ර යන්ත්‍රයක (Ventilator) පින් දර්ශක පද්ධතිය ඔක්සිජන්, නයිට්‍රස් ඔක්සයිඩ් හෝ කාබන් ඩයොක්සයිඩ් වැනි විශේෂිත වෛද්‍ය වායු යන්ත්‍රය වෙත නිසි ලෙස සම්බන්ධ කර ඇති බව සහතික කරයි.

සෑම ගෑස් සිලින්ඩරයක්ම සහ යන්ත්‍රය මත ඇති අනුරූප ඇතුල්වීම විවිධ වායූන් සඳහා නම් කරන ලද විශේෂිත අල්පෙනති (හෝ පින් ස්ථාන) ඇත.

නිදසුනක් ලෙස, ඔක්සිජන් වල වැරදි සම්බන්ධතා වැළැක්වීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වෙනස් පින් වින්‍යාසයක් පවත්වා ගැනීම පෙන්වා දිය හැක. මෙමගින් අහම්බෙන් හෝ වැරදීමකින් වායූන් මිශ්‍ර වීම වැළැක්වීම මගින් රෝගියාගේ ආරක්ෂාව තාක්ෂණිකවම සහතික කර ඇත.

එනයින් ජාතික රෝහලේ අදාල සිදුවීම සිදුවූවා හෝ වීමට ගොස් වලක්වා ගැනීම යන කරුණු දෙක මඟින්ම, මෙකී යන්ත්‍රය නියමාකාරයෙන් නොතිබූ බව තහවුරු වෙයි.

එසේනම් එම යන්ත්‍ර එලෙස විකෘත්ති කරමින් රෝගීන් අනවශ්‍ය අවධානමකට ලක් කලේ කවුද?
ඒසේ කිරීමට සිදු වූයේ කුමක් නිසාද?
එම යන්ත්‍ර අළුත් වැඩියාව නිවැරදි ආකාරයෙන් සිදු නොවීමේ වග කිව යුත්තා කවුද?
ජාතික රෝහල වැනි විශාල ආයතනයක මෙවැනි ගැටළු විසඳීමට අදාල ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු පත් නොකරන්නේ කුමක් නිසාද?

රෝගියා මිය ගොස් අවසන්ය. ඇය වටා ඒ මොහොතේ සිටි කිසිවෙකුට හෝ ඇය වෙනුවෙන් සාක්ෂි දිමා නොහැකි බවද ඉතා පැහැදිළිය.

එනිසාම රෝගියාට නැවත පණ දුන්නද මෙම විමර්ෂණය සදහා ඇයට සිදුවූ අසාධාරණය තහවුරු කිරීමට ඇයට සාක්ෂි සපයා ගැනීම අපහසුය.

එනිසාම, සෞඛ්‍ය ඇමතිවරයාගේ විමර්ෂණ කණඩායම අවම තරමින් ඉහත ගැටළු කෙරෙහි අවධානය යොමු කළහොත්, ඉදිරියේදී එවන් තත්වයක් ඇති වීම වලක්වා ගත හැකිය”

ලෙස රවී කුමුදේශ් මහතා පැහැදිළි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...