විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව නිසා සජබේ දූෂණ විරෝධි ගමන තවත් ශක්තිමත් වුණා: විපක්ෂ නායක සජිත්

Date:

ජනවාරි 06, කොළඹ (LNW): ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමීයකු ලෙස කටයුතු කිරීම නිසා සිය රැකියාව අහිමි වු විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්වීම සතුටට කරුණක් බවත්, රජයේ සේවකයකු වූ චමල් සංජීව මහතාට සිය රැකියාව අහිමි වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂණ වංචා අනාවරණය කිරීම නිසා වුවත් ඉන් නොසැලී ඒ මහතා දූෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගය හා එක්වීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දූෂණ විරෝධී බලකාය හරහා රාජපක්ෂවරු ඇතුළු රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දුෂණ වංචාවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරිමට හැකි වූ බවත් එය තුළින් නව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම අවධාරණය කළේය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ මෙරට දූෂණ වංචා තුරන් කිරීමට බවත් ඒ ගමනේ පුරෝගාමී නායකයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා අද දින සිට කටයුතු කරන බවත් ඔහුට ක්ෂේත්‍රයේ උපරිම සුදුසුකම් පවතින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

එසේම මේ දූෂණ විරෝධී බලවේගය හරහා රටින් සොරකම් කරන ලද මුදල් හා සම්පත් නැවත රටට ලබා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්ව දූෂණ විරෝධී බලවේගය හා සම්බන්ධ වූ අවස්ථාවේ දීය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...