නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට!

0
332

කොළඹ LNW:නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත ලබන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහි අරමුණ වන්නේ මූල්‍යමය වශයෙන් ණය දෙන ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ණය දෙන ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීමයි.

ඒ අනුව වැඩි ආරක්ෂාවක් ලබාදීම වෙනුවෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීමද සිදු වෙයි.

එළඹෙන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුවද රැස්වීමට නියමිතයි.

ASK