මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): පසුගිය 2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී ඇති බව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහි දී මෙම කරුණු අනාවරණය වී ඇත.

තල් රා අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 32.2ක මුදලක් ඉපයීමට හැකි ව තිබෙන අතර, මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබේ.

මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙද පළෙන් ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දී ඇත්තේ, මෙම කර්මාන්තය තව දුරටත් පුළුල් කළ හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙසයි.

මේ අතර තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපයීමට හැකි වී තිබේ.

ඒ අතර Palmyra pulp අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් ඉපයීමට සමත්ව ඇති අතර,
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැය ලේඛනය මගින් රුපියල් 30ක මුදලක් රජය විසින් ලබා දී ඇතිබවද මෙහිදී සඳහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලයෙන් රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...