පොංගල් උත්සවයේ සමාරම්භය මෙවර ජල්ලිකට්ටු ක්‍රීඩාවෙන්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 07,
කොළඹ (LNW):සාම්ප්‍රදායිකව ලොව පුරා දෙමළ ජනයා විසින් සමරනු ලබන පොංගල් මංගල්‍යය මේ වසරේ සතියකට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිග හැරුණු බව ඉන්දියාවේ කර්නාටක පදනම් කරගත් ඩෙකන් හෙරල්ඩ් වාර්තා කරයි.

තමිල්නාඩුවේ මුල් ආභාසය ලත් ගොන්නු හීලෑ කිරීමේ ක්‍රීඩාවක් වන ජල්ලිකට්ටු ක්‍රීඩාව ප්‍රථම වරට පැවැත්වීමෙන් මෙම නැගෙනහිර කලාපය ඉතිහාසගත විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සහ සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ගොනුන් 200 කට අධික ප්‍රමාණ‍යක් සහ ගොනුන් හීලෑ කරන්නන් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම සංදර්ශනය සියැසින්ම දැක බලා ගැනීම සඳහා උද්යෝගිමත් පිරිස් ත්‍රිකුණාමලයේ සම්බුර් මහජන ක්‍රීඩා පිටියේ උදෑසන 7 පමණ වන විට එක් රොක් වී පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබිණි.

තොණ්ඩමන් පවුලේ අය ඇති දැඩි කරන ලද ගොනුන් ඇතුළු විසිතුරු ගොනුන් 200 කට අධික සංඛ්‍යාවක් පිට පිට මුදා හරින ලද අතර ජයග්‍රාහී හීලෑකරුවන්ට ඇඹරුම් යන්ත, රයිස් කුකර් සහ සීලිං විදුලි පංකා වැනි ගෘහ උපකරණ ත්‍යාග පිරිනමන ලදී.

වාර්ගික සහ වතුකරයේ දෙමළ ජනයා වාර්ෂිකව පොංගල් උත්සවය සමරනු ලැබුවද, ජල්ලිකට්ටු සාම්ප්‍රදායික මංගල්‍යයේ කොටසක් වී නොමැත.

ඓතිහාසික ජල්ලිකට්ටු උත්සවය සඳහා 5000කට අධික පිරිසක් සහභාගී වූ බව නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති පී මතන් අනාවරණ කළේ ය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...