ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් සේවයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): ඊයේ (06) දින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගනීමට කටයුතු කර ඇත.

කොළඹ පැවති උත්සවයකදී අදාළ ක්‍රීඩකයින් වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, වැබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට සහ තවමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරාට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස පත්වීම් හිමිවූ අතර, පොලිස් පරීක්ෂකවරුන් ලෙස, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගැණුනි.

මීට අමතරව ජාතික පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද අද පොලිස් සේවයට බඳවා ගත් අතර , මතින් තොර සමාජයක් උදෙසා තරුණ ප්‍රජාව බලගන්වමු යන්න තේමා කරගනිමින්, මෙම උත්සවය සංවිධානය කර තිබුණේ යුත්තිය වැඩසටහන යටතේ වීම විශේෂ කරුණකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...